26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානියකු වන කුඩු රජු ලෙස හඳුන්වන කඩුරොෂාන්ගේ ප්‍රධාන...

මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානියකු වන කුඩු රජු ලෙස හඳුන්වන කඩුරොෂාන්ගේ ප්‍රධාන ගෝලයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානියකු වන කුඩු රජු ලෙස හඳුන්වන කඩුරොෂාන්ගේ ප්‍රධාන ගෝලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි පොලිස් පරික්ෂක පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය, කඩුවෙල, රෝයල් වයින් හෝටලය ඉදිරිපිට දී කඩුවෙල ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවකු වන රෝෂාන් (කුඩු රොෂාන් ) නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන සියඹලාපේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 64 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක සහිත රුපියල් 100,000.00 ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් පානදුර දකුණ පොලිස් වසමේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් සීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් සිලාවතුර පොලිස් වසමේ වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ඉඟිනියාගල පොලිස් වසමේ වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ටිපර් රථයකට වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් ආනමඩුව පොලිස් වසමේ වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් මාදම්පේ පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 74ක් හා ගෝඩා ලීටර් 760ක් නිෂ්පාදනය හා නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් පුත්තලම පොලිස් වසමේ වැටලිමක් සිදුකර නීති විරෝධිව හෙරොයින් ග්‍රෑම් එකක් හා මිලිග්‍රෑම් තුනක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය කඳවුරේ නිලධාරි පිරිසක් කැප්පෙටිපොළ පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධිව ගංජා ග්‍රැම් හැටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පෙතිAkugabalin150 mg Capsules 76ක් (Pregablin) විකීණීම සහ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අගුණකොළ පැලැස්ස කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බන්ධනාගාරය තුලට ඇතුළ් කිරීමට ප්‍රථම රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරීක්ෂා කරන ස්ථානයේදී රැඳවියකු පරීක්ෂා කිරීමේදි ගුද මාර්ගයේ සඟවා තිබු සුදුපාට පොලිතින් කැබලිවල ඔතන ලැබු දුම්කොළ සුරුට්ටු කැබැල්ලක් සහ ගිණිකූර් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments