26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්2020-2021 රයිගම් ටෙලීස් දෙවරසක නිර්දේශිත නාමාවලිය එළිදැක්වීමේ සැඳැව අභිමානවත් අයුරින්.

2020-2021 රයිගම් ටෙලීස් දෙවරසක නිර්දේශිත නාමාවලිය එළිදැක්වීමේ සැඳැව අභිමානවත් අයුරින්.

දාහත්වරටත් පැවැත්වීමට නියමිත ජාතියේ ටෙලිනාට්‍ය මහාමංගල්‍ය සම්මාන රාත්‍රියේ නිර්දේශිත නාමාවලිය එළි දැක්වීමේ උත්සවය2020-2021 රයිගම් ටෙලීස් දෙවරසක රස ඉකුත් (25) බත්තරමුල්ල වෝටර්ස්එජ් හීදි පැවැත්විය.

මෙහිදි නිර්දේශිත නාම දෙසිය විසිපහක් නිකුත් කෙරුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවුයේය. එහිදි ජනප්‍රිය හා විශිෂ්ටතම නිළිය ලෙස 2019දි සම්මාන දිනු ශලනි තාරකා 2021 ජනප්‍රිය කාණ්ඩය සඳහා මතා පළකිරීම නිල වශයෙන් ආරම්භ කෙරුවාය. ජනප්‍රිය සම්මාන මත විමසුමට අදාල ජංගම දුරකතන යෙදවුම් (රයිගම් ටෙලීස් මොබයිල් ඇප්) මෙහිදි හඳුන්වාදීම සිදුකෙරිණි. SMS මානප පළ කිරීම සඳහා RAහිස්තැනක් ඔබ කැමතිම නළුවාගේ , නිළියගේ හෝ ටෙලිනාට්‍යයේ නම සඳහන් කර මොබිටෙල් 2244 / ඩයලොග්2022 / හච් 8484 අංක වෙත කෙටි පණිවුඩ යොමු කළ යුතුවේ.
ජාතියේ ටෙලි මහාමංගල්‍ය ‘රයිගම් ටෙලීස්’ සම්මාන රාත්‍රීය ලබන (26) කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි පැවැත්වේ.

ඒ අනුව මාධ්‍ය විශිෂ්ටතා අංශයෙන් වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන , වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන, වසරේ විශිෂ්ටතම අධ්‍යාපන, ප්‍රශ්න විචාරාත්මක, වාර්තා, පුවත් විශේෂාංඟය, සංගීත, හඬකැවීම,සඟරාමය, කථිකා, රූපවාහිනි ප්‍රවෘත්ති ( සිංහල), ප්‍රවෘත්ති නිවේදිකා ( සිංහල),(දෙමල), (ඉංග්‍රීසි).
වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේශක(සිංහල),( දෙමල ), (ඉංග්‍රීසි).
වසරේ විශිෂ්ටතම රියැලිටි වැඩසටහන, ප්‍රවෘත්ති විකාශය ශීර්ෂ පාඨ දහනවයක් යටතේ නිර්දේශ නාම ඉදිරිපත් කෙරුණි.

අංශ දෙකකින් යුත් මෙම සම්මාන උළලේදි ටෙලිනාට්‍ය අංශය සඳහාවු සම්මාන ශීර්ෂපාඨ විස්සක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංඟරචනය, කලාඅධ්‍යක්ෂණය,කැමරාකරණය, ශබ්ද නිර්මාණය,සංස්කරණය,සංගීත අධ්‍යක්ෂණය,ගීතරචනය,ගායකයා, ගායිකාව, නළුවා, නිළිය,සහය නළුවා, සහය නිළිය, තිරරචනය,ඒකාංඟික ටෙලි චිත්‍රපටය,ඒකාංඟික ටෙලි නාට්‍ය ( විනාඩි 55ට අඩු).

මෙහිදි නිර්දශෙ නම් අතර වසරේ විශිෂ්ටතම නළුවා සඳහා තුසිත් ලක්ෂාන් ( ලීලාරත්න/ කිරිපුතා)සකර්ම (ස්වාධීන රූපවාහිනිය), ප්‍රියංකර රත්නායක (රංහාමි) – සකර්ම (ස්වාධීන රූපවාහි), සරත් කොතලාවල ( සඳරුවන්) – Porkවීදිය (ස්වාධීන රූපවාහිනි), වසරේ විශිෂ්තම ටෙලි නාට්‍ය නිළිය උමාලි තිලකරත්න (තිලකා)- සකර්ම (ස්වාධීන රූපවාහිනි), සුජානි මේනකා (නුවන්ගි)-Porkවීදිය (ස්වාධීන රූපවාහිනි), චම්පා ශ්‍රියාණි (සිරියාවති)- සකර්ම (ස්වාධීන රූපවාහිනි), වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සාලින්ද රත්නායක Porkවීදිය (ස්වාධීන රූපවාහිනි),ප්‍රියන්ත ප්‍රනාන්දු සකර්ම (ස්වාධීන රූපවාහිනිය),වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ප්‍රසාංගික චන්දන පුෂ්පලාල් ලියනගුණවර්ධ -සකර්ම( ස්වාධීන රූපවාහිනිය), එස්.රමේෂ් -Porkවීදිය (ස්වාධීන රූපවාහිනි), සෙරනිට එස්ටර්ටේන්මන් – මහපොළව (ස්වාධීන රූපවාහිනි).

වසර 2020 සඳහාත් මාධ්‍ය හා ටෙලිනාට්‍ය අංශ යන දෙඅංශය වෙනුවෙන් එම ශිර්ෂපාඨ යටතේ සම්මාන ප්‍රදානය සිදුකෙරෙන අතර එම වසරේ විශිෂ්ටතම නළුවා රොෂාන් රවීන්ද්‍ර – විජිත (සත්‍යා) (ස්වාධීන රූපවාහිනි), බිමල් ජයකොඩි -සෝමාසිරි විදුහල්පති ( සුළඟ මහමෙරක( ජාතික රූපවාහිනිය), දසුන් පතිරණ සඳුන් (ගිරිදේවි) ස්වාධීන රූපවාහිනිය, වසරේ විශිෂ්ටතම නිළිය ශලනි තාරකා ආශා (ගිරිදේවි) ස්වාධීන රූපවාහිනිය, දිල්හානි ඒකානයක- කාන්ති ( Can You Hear Me) ජාතික රූපවහිනිය, විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය රොෂාන් රවීන්ද්‍ර – තණමල්විල කොල්ලෙක් ( ස්වාධීන රූපවාහිනිය), සුනිල් කොස්තා- ( Can You Hear Me) ජාතික රූපවහිනිය, ඉන්දික ධර්මතිලක- ගිරිදේවි (ස්වාධීන රූපවාහිනිය). වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය (ප්‍රසාංගික) තණමල්විල කොල්ලෙක්- ෆාහිම් මචජුඩ්(ස්වාධීන රූපවාහිනිය),Can You Hear Me- චින්තක කුලතුංග (ජාතික රූපවාහිනිය), සංසාරරණ්‍යය -ඈන්.ඩන්ස්පෝර්ඩි(ස්වාධීන රූපවාහිනිය).

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments