21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගව ඝාතනය තහනම් කිරිමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙයි

ගව ඝාතනය තහනම් කිරිමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙයි

ගව ඝාතනය තහනම් කිරිම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම ගව ඝාතන තහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලදී බලාත්මක කිරිමට නියමිත පනත් දෙකක් ඇති බවත් එය ඉටු කිරිමෙන් අනතුරුව මෙම නීතිය බලාත්මක කෙරෙන බවයි කැබිනට් තීරණ හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

කෘෂි කර්මාන්තය පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස මෙරට ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය කිරිම සඳහා ගව සම්පත ප්‍රමාණවත් නොවීම බවත් ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කිරිමට හැකිවන පරිදි දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැතිවීම නිසා එම කර්මාන්තයේ දියණුවට බාධාවක් වී තිබෙනවා බව අගමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments