අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (01) මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
දශක 4 කට ආසන්න කාලයක් මෙරට සහෘද රසික සිත් සිනහවෙන් ඔපවත් කළ ප්‍රවීණ රංගධර ටෙනිසන් කුරේ මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පෙරවරුවේ මියයන විට 68 වන විය පසුවිය.
1986 වසරේදී “පෙරළිකාරයෝ” චිත්‍රපටයෙන් රංගන දිවිය ඇරඹූ ටෙනිසන් කුරේ මහතා ජනාදරයට පත්වූ චිත්‍රපට රැසක ප්‍රහසන රංග ශිල්පියා ලෙස අද්විතීය රංගනයක නිරත වුණි.
චෙරියෝ ඩොක්ටර්, අලි බබා සහ හොරු 40, වැඩබැරි ටාසන්, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, කොලොම්පූර්, සොමි බෝයිස්, පාර්ලිමන්ට් ජෝක්ස් ආදී චිත්‍රපට රැසකට ඒ මහතා රංගනයෙන් දායක වී තිබේ.