26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමිලකළ නොහැකි ගජමුතු ඒස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මිලකළ නොහැකි ගජමුතු ඒස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මිලකල නොහැකි ගජමුතු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එච්.ජී. පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කතරගම පොලිස් වසමේ කතරගම පොලිස් ස්ථානය පිටුපස දී ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 160 ක් බර හා ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 890 ක් බරැති මිල කල නොහැකි ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන අලෙවිය සඳහා යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වලස්මුල්ල හා කතරගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38, 42 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වනසත්ව ආරක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩිදුර ප්‍රශ්නකිරිමෙදි මෙම ගජමුතු යාල කුමන රක්ෂිත වලට ඇුතුල්වී වන අලින් ඝාතනය කර ලබා⁣ගෙන ඇතිබවට කරුණු අනාවරණය කරගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments