සැලසුම් කළ පරිදි නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් එල්.එන්.ජී. සැපයීමේ ව්‍යාපෘතිය දියත් කිරීම කටයුතු යොදා තිබේ.
යුගදනවි ගිවිසුම එරෙහිව ගොනුකර තිබු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් (04) නිෂ්ප්‍රභා කිරීම සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. එහි සඳහන් වන්නේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹට ආසන්නව එල්.එන්.ජී. පර්යන්තයක් ඉදිකිරිමට එකඟතාවයකට පිවිසි බවය. එසේම කෙරවලපිටිය බලාගාරය සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතියද නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට හිමිවන බව එහි දැක්වේ. ආරම්භයේදි එම සමාගම ශ්‍රී ලංකා රජයට දිනකට එල්.එන්.ජී. ගැලුම් මිලියන 1.2ක් ලබාදීමට නියමිතයි.