බහලුම් ගාස්තු 60% කින් ඉහල දැමීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කරයි.
ආනයන අපනයන බහලුම් ප්‍රවාහන රථවල සහ අනෙකුත් ප්‍රවාහන රථවල ගාස්තු ඉහල නැංවීමට ප්‍රධාන හේතුව වන්නේ ඉන්ධන මිල ඉහල යෑම, ඩොලරයේ අගය දෛනිකව වෙනස්වෙමින් ඉහල යෑම, ටයර් බැටරි ඇතුළු සියලු අමතර කොටස්වල මිල 25% කටත් වඩා ඉහල යෑම කරන කොටගෙන තමයි මෙම ගාස්තු ඉහල නැංවීම සිදුකර තිබෙන්නේ. ඒ අනුව එම ගාස්තු වැඩිවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන බව හෙතෙම වැඩිදුරටත් දන්වා සිටියේය.