මේවනවිට එල්.පී. ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් දහසකට ආසන්න පාඩුවක් ලබන බව ගෑස් සමාගම් කියති.
මේවනවිට ඩොලරයේ අගය ඉහලයෑම, ජාත්‍යාන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහල යෑම විශේෂයෙන් පෙබරවාරි මාසයේ සිට මාර්තුවනවිට ඩොලර් 137කින් ගෑස් මෙට්‍රික්ටොන් එකක මිල ඉහල ගොස් දැන් ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 902 දක්වා ඉහල ගොස් තිබීම, නැව්ගාස්තු රක්ෂණ ගාස්තු ඉහල යෑම මේ තත්ත්වයට හේතුව බව එම සමාගම්ල බලධාරීහු පවසති.
එමෙන්ම ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගණනද නිශ්චිත නොවීමද මෙයට බලපාන බවද එම සමාගම් කියති.
අදාල සියලු පාර්ශව සමග සාකච්ඡාවක් අද(14) පවත්වා ගෑස් සම්බන්ධ මිල තීරණයක් කිරීමට සූදානම්වන බව එම සමාගම් පවසන අතර මාසයෙන් මාසයට ගෑස් මිල ඉහල නංවන්න නොහැකි බවද කියති. ඉන්ධන මිලද ඉහල යෑම නිසා දැන් බෙදාහැරීමේ වියදම්ද වැඩිවි තිබෙන බව
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ මේවනවිට මිල පාලනයක් නැති නිසා සමාගම්වලට මිල වැඩිකිරීමේ තීරණයක් ගත හැකි බවයි. කෙසේ වෙතත් මේවනවිට ගෑස් මිල වැඩි කිරීමේ යෝජනාවක් තම අධිකාරිය වෙත ලැබි නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.