23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකොස්ගොඩ තාරක විවිද අපරාධ සදහා යොදාගත් පිස්තෝල අවියක්,හා එම මැගසින් සමග අයකු...

කොස්ගොඩ තාරක විවිද අපරාධ සදහා යොදාගත් පිස්තෝල අවියක්,හා එම මැගසින් සමග අයකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

⁣ප්‍රබල පාතාල කල්ලි සාමාජික කොස්ගොඩ තාරක විවිද අපරාධ සදහා යොදාගත් පිස්තෝල අවියක්,හා එම මැගසින් සමග ඒ සඳහා භාවිතා කරන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජි.ඩබ්.ඒ.ජේ.පි.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 759/01, 859වත්ත, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, කොළඹ 14 නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

පිස්තෝල අවි 01 ක්, එම මැගසින් සහ ඒ සඳහා භාවිතා කරන 9.56 x 17mm උණ්ඩ 04ක් මනුෂ්‍ය ඝාතන හා කප්පම් ගැනීම සදහ භාවිතා කල අවියක් සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සිදුකරන ලද වැඩි දුර ප්‍රශ්න කිරිමේදි, මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකට අයත් පිස්තෝල අවියක් බවත් එම අවිය සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙසෙල් වත්තේ දිනුක නැමැත්තා හට ලබා දි ඇති බවත් පසුව ඔහුගෙන් මෙම අවිය සංවිධානාත්මක අපරාධකරුවකු වන මේ වන විට විදේශ රටකට පලාගොස් සිටින ෆයිසර් නානා හට ලබා දි ඇති බවත් ඔහු මගින් ඉහත සැකකරු වෙත ලැබි ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එහිදි අත්අඩංගුවට ගත් භාණ්ඩ වූයේ PISTOLED AUTO MATIQUE MAG BREVETE MODECE-D 119518 දරණ රිදි පැහැති පිස්තෝල අවියක්, එම පිස්තෝල පතොරම් මැගසින් එකක්, 9.56 x 17mm ජිව උණ්ඩ 04 ක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments