පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී (17) සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 11 නිලධාරි කණ්ඩායමක් වත්තල පොලිස් වසමේ කේරළ ගංජා කිලෝ හතළිස් දෙකයි,ග්‍රෑම් හයසිය පහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් මුල්ලෙරියාව පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් හත්සිය පනහක් ජාවාරම් කිරීම සඳහා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වතුකොළකන්ද උපක කඳවුරේ ස්ථාපිත දකුණ පළාත් විශේෂ මෙහෙයුම් ඒ්කකයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මිදිගම පොලිස් වසමේ වියළි ගංජා ග්‍රෑම් දහයක් තහනම් කඩු,පිහියා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි හදිසි සෝදිසි කිරීමේදි අංක 13 මැදිරියේ එළමහන් කොටසේ අඩි 2ක් පමණ පොළව යට වලලා තිබි ජංගම දුරකතනයක් හා එම උපාංඟ සොයා ගැනීම. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වව්නියාව පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම්4,720ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මහඔය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි කැණීම් කරමින් ෆයිබර් බෝට්ටුවකට වැලි පටවා බෝට්ටුවේ සිට ලොරියකට වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. තලවකැලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ලිදුල පොලිස් වසමේ බලපත්‍ර නැතිව රජයේ අරක්කු විකිණීම වරද යටතේ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒමෙන්ම මහනුවර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් තෙල්දෙණිය පොලිස් වසමේ හෙරොයින් මිලිග්‍රෑම් හයසිය විසිපහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කොස්ලන්ද පොලිස් වසමේ වැටලීම් හතක් සිදුකර නීති විරෝධිව රක්ෂිතය තුල පතල් කැණීම් කරන ලැබු හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පස්සර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කන්දකැටිය පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැණීම් කරමින් සිටි අයකු හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගංඟ ඉවුරට හානි වන සේ ටිපර් රථය ගඟට ඇතුළු කර ප්‍රවාහනය සඳහා වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.