ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබෙන සර්වපාක්ෂික සමුළුවට විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහභාගි නොවන බව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ් අනුව සමගි ජනබලවේගය, ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික ජන බලවේගය යන පක්ෂ සහභාගි නොවාන බව ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික සමුළුවක් පවත්වන ලෙස රජයට යෝජනා කළේය. ඒ් අනුව (23) සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇත. වත්මන් ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම සමුළුව කැඳවුයේය.