ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් (05) චාවකච්චේරි ප්‍රදේශයේ දී බදු නොගෙවු සිගරට් 18000ක තොගයක් සමග ඒවා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට සමත්වී තිබේ.
මෙම වැටලීමේදී බදු නොගෙවු සිගරට් 18000ක තොගයක් අත්අඩංගුවට ගන්නා ලද අතර, ඒවායේ වෙළදපොළ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂයක් ( 1,500,000/= ) ඉක්මවන බව සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක් පමණ වන පුද්ගලයෙකි. (06) සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් විසින් සැකකරුහට රුපියල් ලක්ෂ පහක ( 500,000 /= ) දඩයක් පණවා සිගරට් තොගය රාජසන්තක කිරීමට නියෝග කර ඇත.
එක්සත් රාජධානියේ නිෂ්පාදිත මෙම මුද්‍රා නොකැඩු, බදු නොගෙවු සිගරට් තොගය සිගරටි 20 පැකට් 10ක් අඩංගු කාටූන් වශයෙන් තිබූ අතර මේ පිලිබඳ වැඩිදුර පරික්ෂණ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතා විසින් සිදු කරනු ලැබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ උපදෙස් මත සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු අධිකාරී ජයන්ත සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක අරුණ ගමගේ, සුරාබදු කෝප්‍රල්වරුන් වන 802 සිවකුමාර, 868 සුජිත් දේසප්‍රිය, 915 අරුණ, සුරාබදු නියාමක 1069 සංජය හා සුරාබදු රියදුරු ප්‍රභාත් යන නිලධාරින් විසින් මෙම වැටලිම සිදුකර ඇත.
