26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්CDB වෙතින් වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් හරිත පෙරළියක්.

CDB වෙතින් වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් හරිත පෙරළියක්.


සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC- CDB) සමාගම, සිය මානව සම්පත් ක්‍රියාවලි හරිත ආර්ථිකයකට ගැළපෙන ආකාරයට සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී. රට තුළ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වන අතරම, පරිසර හිතකාමීත්වය අගයන සහ එම මූලධර්ම අනුව කටයුතු කරන කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම අරමුණ වෙනුවෙන් විශේෂ හරිත මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීමට සමාගම පියවර ගෙන ඇත. මේ ඔස්සේ ආයතනය සතු සම්පත් වඩාත් තිරසාර ලෙස භාවිතා කිරීම සහ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සිදුකෙරේ. පුද්ගලයන්, සමාජය සහ පරිසර යන සියලුම අංශ වලට දීර්ඝකාලීනව යහපත් ප්‍රතිඵල ලබාදීමට දායක වන හරිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට මෙම හරිත මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපාය ඉවහල් වනු ඇත. මෙම හරිත ක්‍රමෝපායෙහි වටිනාකම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ කාර්යභාරය ආයතනයෙහි මානව සම්පත් අංශය වෙත පැවරී තිබේ.
“හරිත මානව සම්පත් කළමනාකරණ වැඩසටහන් අපගේ ආයතනය තුළ ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අනාගතයේදී සිදුවන විශාල වෙනසක් සඳහා ගත් ක්‍රමානුකූල ආරම්භයක් ලෙස හැඳින්විය හැකියි. විදුලි ස්විච සඳහා සංවේදක සවිකිරීම, සමාගමේ ශාඛා තුළ සූර්ය බලශක්ති ආලෝකකරණ පද්ධති සවිකිරීම, ගමනාගමනයේදී වාහන පොදුවේ භාවිතා කිරීමට කාර්ය මණ්ඩලය දිරිගැන්වීම, සහ හයිබ්‍රිඩ්/විදුලි වාහන භාවිතයට ඔවුන් යොමුකරවීම වැනි ක්‍රමවේදයන් ඔස්සේ අනාගතයේදී 100% ක් පුනර්ජනනීය බලශක්ති භාවිතයට යොමුවීමට අප සැලසුම් කරමින් සිටිනවා. එමෙන්ම අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් online තාක්ෂණය මගින් සම්මුඛ පරීක්ෂණ ක්‍රම හඳුන්වා දීමටත්, e-learning යටතේ ඉගැනුම් ක්‍රම ක්‍රියාත්මක කිරීමටත් අප පියවර ගත්තා.” සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ/ ආයතනික මූල්‍ය රොෂාන් අබේගුණවර්ධන මහතා පැවසී ය.
ආයතනයට සේවක සේවිකාවන් බඳවා ගැනීම, කාර්ය සාධන කළමනාකරණය, පුහුණු හා සංවර්ධන කටයුතු, ඇගයුම්, ප්‍රතිලාභ සහ සේවක සම්බන්ධතා යනාදී සියලුම අංශ සම්බන්ධයෙන් හරිත ආකල්ප මුල්කරගෙන කටයුතු කිරීම හරිත මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපායෙහි එක් ප්‍රධානතම ලක්ෂණයකි. පරිසරය සුරැකීමට දායක වීමේ අරමුණින්, ඉදිරි වසර 3 තුළදී කඩදාසි භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීම ඉලක්ක කරගත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවීමටද සමාගම පියවර ගෙන තිබේ. එමෙන්ම පරිසර දූෂණය, ජලය අපතේ යාම සහ බලශක්ති භාවිතය අවම කිරීමද මෙම සැලැස්මට ඇතුළත් වනු ඇත. ඊට අමතරව කාර්යක්ෂමතාව අතින් දැවැන්ත ඉදිරි පියවරක් තබමින්, තම මෙහෙයුම් අංශය සඳහා Robotic Process Automation (RPA) භාවිතා කිරීමටද සමාගම අපේක්ෂා කරයි.
“අප දැනටමත් රැස්වීම්, පුහුණු සැසි හා වෙනත් වැඩසටහන් වලදී ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. එමෙන්ම ආයතනයේ කටයුතු වලදී, එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත්, පසුව මුළුමනින්ම නැවැත්වීමටත් අප තීරණය කළා. ආයතනයේ අලංකරණ කටයුතු සඳහා මින් ඉදිරියට එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් භාවිතයට ගැනෙන්නේ නැහැ. ඒ වෙනුවට වඩාත් පරිසර හිතකාමී දේවල් භාවිතා කිරීමට අප පියවර ගන්නවා. අපට අවශ්‍ය වන්නේ තිරසාර හා පරිසර හිතකාමී ආයතනික සම්ප්‍රදායක් නිර්මාණය කිරීමටයි.” අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෑතකදී හඳුන්වා දුන් ‘CDB Advance Roof Solar’ විසඳුම, හරිත අනාගතයක් සඳහා තබන ලද තවත් වැදගත් පියවරකි. දීර්ඝකාලීන මූල්‍ය පහසුකමක් හා ආයෝජන විසඳුමක් වන මෙය, සමාගමේ ගනුදෙනුකරුවන් මෙන්ම කාර්ය මණ්ඩලයද තිරසාර බලශක්ති භාවිතය සඳහා දිරිමත් කරවයි. මෙවැනි විසඳුම් ඔස්සේ ජනතාව වඩාත් තිරසාර ජීවන රටාවන් වෙත යොමුකරවීමට සක්‍රීයව දායක වීම සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අභිප්‍රාය වී තිබේ.

CDB පිළිබඳව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම තිරසර සමාගම් දහය සහ ප්‍රමුඛත ම ව්‍යාපාර තිහ මෙන්ම විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතන පහ අතර රැඳෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය සහ නවීන තාක්ෂණය සමගින් මෙරට මුල්‍ය හුවමාරු ක්‍රමවේද දැවැන්ත වෙනසකට ලක්කර ඇත. වැඩිදුර විස්තර සඳහා www.cdb.lk වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments