25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලබන සඳුදායින් පසුව ඇඳිරි නීතිය ඉවත් වන ලකුණු

ලබන සඳුදායින් පසුව ඇඳිරි නීතිය ඉවත් වන ලකුණු

ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

රට ඉදිරියට රැගෙන යාමට සහ ආර්ථිකය නගා සිටුවිම අත්‍යාවශ්‍ය බවත් දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවට යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රට විවෘත කිරිමෙන් පසුව මහජනතාව කොවිඩ් ආසාදිතයෙක් නොවීමටත්, වෛරසය පතුරුවන පුද්ගලයෙකු නොවීමේ වගකීම ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම මගින් වෛරසයෙන් බේරී සිටිමට හැකිබව පෙන්වා දුන්නා.

එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරවන පුද්ගලයින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම බවද මෙහිදී හමුදාපතිවරයා පෙන්වා දුන්නා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments