25.3 C
Sri Lanka
Thursday, May 8, 2025
HomeUncategorizedරුපියල් මිලියන 20කට අධික වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික...

රුපියල් මිලියන 20කට අධික වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේ අද උදෑසන (2022 අප්‍රේල් 20) සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක්  (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම  ඇතුළු විවිධ නීති විරෝධී  කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනය මඟින් අද උදෑසන (2022 අප්‍රේල් 20) මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරකදී වැලිපරයක තිබූ සැකකටයුතු ගෝනි උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ගෝනි උරයේ පාර්සල් 25 ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක  පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගත් අතර,  නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා සහිත ගෝනි උරය මෙසේ අතහැර දමා පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදා භාරයේ රඳවා තබා ඇති අතර,  එහි  දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙතැයි  විශ්වාස කෙරේ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments