21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝි මත්ද්‍රව්‍ය සමග අපරාධකරුවකු , වැලිජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

නීතිවිරෝි මත්ද්‍රව්‍ය සමග අපරාධකරුවකු , වැලිජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ හි නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව මාර්ගයේ දී වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 50 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, වැඩිදුර විමර්ශන වලදී මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවටත්, සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මංකොල්ලෑකෑම් සහ බරපතල ඝණයේ අපරාධ සිදු කිරීම් සම්බන්ධව අත්අඩංගුවට පත්ව අධිකරණයෙහි නඩු විශාල ප්‍රමාණයක් පවතින විවෘත්ත වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය අංශ 1හි නිලධාරීන් කණ්ඩායමක් බ්ලුමැන්ඩල් පොලිස් වසමේ මාදම්පිටිය පාරේ මෝදර කොළඹ 15, ප්‍රදේශයේ සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුළා අලේ ගුණාගේ සමීපතම ගෝලයකු රුසියාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් රාගම පොලිස් වසමේ ලොංචියා වත්ත රාගම යන ස්ථානයේ වැවලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 0.75ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ පැපිලිවල හංදිය ප්‍රදේශයේදි සහ වල්පොලකනත්ත ප්‍රදේශයේදි වැටලීම් දෙකක් සිදුකර වියළි ගංජා ග්‍රෑම් 20ක් සමග පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් මුල්ලෙරියාව පොලිස් වසමේ ජයන්ති මාවත, හිඹුටාන, අංගොඩ යන ස්ථානයේ නීති විරෝධි මත්පැන් ලිටර් 67.5ක් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් නෙදුන්කර්නි පොලිස් වසමේ ඔ්ලුමඩු ප්‍රදේශයේ වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවන් නැතිව සොයා ගැනීම. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් පදවිය පොලිස් වසමේ බෝගස් වැව, අලුත්හල් මිල්ලෑව, 02කණුව ප්‍රදේශයේදි වැටලීමක් සිදුකර හෙරොයින් 1. 83ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් කරදියාරු පොලිස් වසමේ වඩිවෙල් ප්‍රදේශයේදි වැටලීම් 04ක් සිදුකර නීති විරෝධි ලෙස බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු සහ ට්‍රැක්ටර් රථ හතරක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments