21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් අද පාර්ලිමේන්තුවේදී අනුමතයි

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් අද පාර්ලිමේන්තුවේදී අනුමතයි

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද නියමයන් හතරක් විවාදයකින් තොරව (21) පාර්ලිමේන්තුවේ අනුමත විය.

මේ අනුව 2021.11. 23 දිනැති අංක 2255/8 , 2021.12. 21 දිනැති අංක 2259/9, 2021.12.31 දිනැති අංක 2260/72 සහ 2022.01.11 දිනැති අංක 2262/15 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන් සදහා අද අනුමතිය හිමිවිය.

එම ගැසට් පත්‍රවලට අදාළ සබැඳි පහත දැක්වේ

Array

Array

Array

Array

අද පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වූ අතර විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිපත් කරමින් සභාගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.

එසේම අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරන බව කථානායකවරයා සභාවට නිවේදනය කළේය.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාරදීම අද පෙරවරුවරුවේ සිදුවිය.

මේ අතර වත්මන් අර්බුදකාරී තත්ත්වයට විසදුමක් ලෙස ගෙන ඒමට පසුගියදා තීරණය කළ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා අද දින ප.ව 1.30ට පමණ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි.

පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් ප.ව 4.30 දක්වා පාර්ලිමේන්තුවේ සිය අදහස් පළ කළහ.

අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්වූ අතර ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගුණතිලක රාජපක්ෂ මහතා විසින් කොවිඩ් 19 තත්ත්වය නිසා සිදුවූ බලපෑමෙන් පාසැල් විෂය නිර්දේශයන් නිසි කලට ආවරණය කිරීමට ඇති හැකියාව සහ වාර විභාග පැවැත්වීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සදහා සිදු කරන බාධා කිරීම් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ද විමසන ලදී. අනතුරුව හෙට (22) පෙ.ව 10.00 දක්වා සභාව කල් තබන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments