සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයා නිරෝධායනය අවසන් කර සිය නිවස බලා යමින් සිටි පුත්තලම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසූහ.
එම පුද්ගලයා හෙට්ටිපොල ප්‍රදේදේශයේ හෝටලයක සේවයකළ අයෙකි.
ඔහු ඇතුළු හෝටලයේ සේවය කළ 10 දෙනෙක් නිරෝධායනයට යොමුකිරිමට පියවර ගෙන තිබුණේ එම හෝටලයට පැමිණි අයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනිම හේතුවෙනි.
එහිදී මෙම පුද්ගලයා පී.සී.ආර් පරික්ෂණයකට ද ලක්කර ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව නිරෝධායන ක්‍රියාවලිය අවසන්කර පසුගිය 04 වනදා ඔහු තම නිවෙස බලා පිටත්වී ඇති නමුත් ඔහු ගොස් නොමැති බව වාර්තා වේ.
ඊයේ පස්වරුවේ සොයාගත් මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණු අතර ජෛව සාම්පල, පී.සී.ආර් පරික්ෂණයක් සදහා යොමුකෙරෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.