28.2 C
Sri Lanka
Thursday, June 5, 2025
Homeදේශීය පුවත්ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ් -19

ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ් -19

කොවිඩ් -19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිතකර තිබේ.

එහි විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවැසුවේ මේ වනවිට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවය.

මේ වනවිටත් කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් පොසිටිව් ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එහිදී විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ  “ලංකාවටම තියෙන එකම මාතෘ කොවිඩ් පොසිටිව් ඒකකය තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කරලා තියෙන්නෙ. මේ වෙනකොට ලංකාවේ මව්වරුන් 80කට වැඩි ගණනකට කොවිඩ් වෛරසය වැළඳිලා තියෙනවා. කොවිඩ් වෛරස් ආසාදිත ගැබිනි මව්වරුන් 04 දෙනෙක් මේ රෝහලේදී දරුවන් බිහිකළා. කොවිඩ් වෛරසය ශරීරයේ නොමැති මට්ටම වාර්තා වුණාම මේ අය නිවෙස් බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.” යනුවෙනි

Ada Derana

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments