22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ලබන සඳුදා පසු පිටකොටුව මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

ලබන සඳුදා පසු පිටකොටුව මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා(09) ඉවත් කළ පසු පිටකොටුව මැනිං වෙළඳපොළ විවෘත කෙරෙන බව සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිංපොදු වෙළෙඳපොළ සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්.උපසේන මහතා ප්‍රකාශ කරයි. 

ඒ අනුව කොළඹ මහා නගර සභාවේ වෙළඳසැල් පරිපාලන අංශයේ ප්‍රධාන පරිපාලකගේ මෙහෙයවීමෙන් , ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුග්‍රහයෙන්, මැනිං වෙළඳපොළේ සාමාජිකයින් ස්වෙච්ඡා සහභාගිත්වයෙන් හෙට(08) මැනිං වෙළඳපොළ සම්පූර්ණයෙන්ම විෂබිජ හරණයකට  ලක් කරන බවද හෙතෙම කියා සිටියි. ලබන (09)සිට මැනිං වෙළඳපොළට පැමිණෙන සියලුම පාරිභෝගික ජනතාව තමන්ගේ නම,ලිපිනය,දුරකතන අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් පත්‍රිකාවක් රැගෙනවිත් එම වෙළඳපොළේ ගේට්ටුවට ලබාදීමෙන් සහයෝගය දෙල මෙන් ඒ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments