22.3 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්police newsකෝටි දහයකට වඩා වැඩි වටිනාකමක් ඇති ගජමුතු හා මුතු සමග අයෙක් එස්.ටි.එෆ්....

කෝටි දහයකට වඩා වැඩි වටිනාකමක් ඇති ගජමුතු හා මුතු සමග අයෙක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

ගජමුතු 07 ක් සහ මුතු 06 ජාවාරම් කිරීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට‍ ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, උපාය දූත නිලධාරින් යොදවා ආරුගම්බේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (04) ටොප්ටෙන් පාර, ආරුගම්බේ, බඩලිනා කිංග්ඩම් හෝටලය තුල දී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු රුපියල් කෝටි 10 කට වැඩි වටිනාකමින් යුතු ගජමුතු 07 ක් සහ මුතු 06 ක් ජාවාරම් කිරීම සඳහා ළඟ තබාගෙන සිටි කලප්පුකට්ටු, පොතුවිල් 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments