ආණ්ඩුව ජනතමයට හිසනමනු, වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු කියා සිදුකළ වැඩවර්ජනයට ප්‍රතිචාරයක් නොදැක්වු නිසා (06) විරෝධතා හර්තාලයක් පවත්වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු උදේණී දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය…….මේ රටේ ජනතාව පාරට බැහැලා ගාලුමුදොර හරහාත් කියා සිටින්නේ ජනතාමතයට හිස නමනු වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු කියලයි. එහෙත් ජනතාව කියන මේ දෙයට ආණ්ඩුව ඇහුම්කන දෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අපි ඉකුත් (28) එක්දින වැඩවර්ජනයක් කළ අතර එහිදීත් මංකොල්ලකෑ ජනතා ධනස්කන්ධය රටට ලබාදෙනු රාජපක්ෂ පාලනය අවසන්කරනු කිය එකයි.එහෙත් වත්මන් පාලකයෝ සතපහකටවත් මේ පිළිබඳ ගණන් ගන්න එකක් පෙනෙන්නට නැහැ.
දැනට සිදුවි තිබෙන්නේ පැවැති කැබිනට් එක ඉල්ලා අස්වී නව එකක් පත් කර තිබෙනවා.(28) වෙනිදා මේ රටේ වෘත්තීය සමිති දහසක් පමණ එක්වී දැවැන්ත වැඩවර්ජනයක් සිදුකෙරුවා. නමුත් මේ අය නිශ්ශබ්දව සිටිනවා. ඒ නිසා අපි හෙට (06) රාජ්‍ය සේවය, බැංකු, විදුලි , වරාය,දුම්රිය හා බස්රථ, කුලිරථ, පෞද්ගලික,වතු අංශවල සියලුම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකතු වෙලා වැඩවර්ජනය කරමින් මේ හර්තාලයට සහයෝගය දක්වනවා.සමස්ථ වෙළෙඳසැල් සියල්ල වසා දමන්න යෝජනාකර තිබෙනවා.
එමෙන්ම සියලුම ආගමික නායකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා හෙට (06) පෙරවරුවේ ආගමික ස්ථානවල 8.00 සිට 8.30 දක්වා ශබ්ද පූජාවක් පවත්වන ලෙසයි. එමෙන්ම වෙළෙඳසැල්, රාජ්‍ය ආයතනවල හා නිවෙස්වල කළුකොඩි එසවීම, මාර්ගවල බලුකපුටු දාන දීම වැනි කටයුතුවලට දායක වෙන්න අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදි අපි මාර්ගවල ටයර් පිළිස්සීම්, වාහන ගිනි තැබීම් වැනි දේවල් සිදුකරන්නේ නැහැ. අපි මෙහිදි සිදුකරන්නේ තුවල නොකර රිදවීමකී. මෙයටත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ලබන (11) සිට බරපතල හර්තාලයක් අඛණ්ඩව දියත් කරනවා.