24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedදුම්වැටි ජාවාරමෙකු එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

දුම්වැටි ජාවාරමෙකු එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

තීරුබදු නොගේවා හොර රහසේ මෙරටට ආනයනය කල දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරින් විසින් විශේෂ කාර්ය බලකාය
කලවංචිකුඩි කදවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක
ටි.එම්.එම්.යු.කේ.බි තෙන්නකොන් නිලධාරියා වෙත ලබාදෙන ලැබු තොරතුරකට
අනුව, ඔහු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් (23)
කාත්තන්කුඩි පොලිස් වසමේ අල්-අමීන් පාර නවකාත්තන්කුඩි ප්‍රදේශයේදී
වැටලීමක් සිදුකර මෙලෙස තිරුබදු නොගෙවා නීතිවිරෝධි ලෙසහොර රහසේ මෙරටට
ආනයනය කරන ලද Gold Leaf වර්ගයේ දුම්වැටි 1020 ක් අඩංගු පැකටි 51ක්
සමග මඩකලපුව නව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා
සැකකරු හා දුම්වැටි තොගය කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments