පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන දෛනික වැටලීම්වලදි (24) බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් යතුරුපැදි මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ කඳවුරේ නිලධාරී පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොල කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කල්මුණ කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ට්‍රැක්ටර් රථ මගින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 11හි නිලධාරි කණ්ඩායමක් දෙහිවල පොලිස් වසමේදි වැටවලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 800ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. බුද්ධි කොට්ඨාසයේ නිලධාරී පිරිසක් දෙමටගොඩ පොලිස් වසමේදි වැටලිමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 10යි මිගි ග්‍රෑම් 20ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේදී වැටලීමක්සිදුකර රැඳවියන් සෝදිසි කිරීම්වලදි කේරළ ගංජා 0.45ක් කලිසමේ සාක්කුවේ තබාගෙන සිටි රැඳවියකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර අදාල ජේලර් වෙත භාරදි ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් පුදිකඩිඉරිප්පු පොලිස් වසමේදි වැටලිමක් සිදුකර නීති විරෝධි අයුරින් ඉන්ධන පෙට්‍ට්‍රල් ලීටර් 226ක් විකිණීම සහ අනාරක්ෂිත ලෙස ගබඩා කරගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වව්නියාව ප්‍රාදේශීය කැණීම් නිලධාරීන් කිහිප දෙනකු සමග ඒ්කබද්ධව කනගරායන්කුලම් පොලිස් වසමේදි වැටලීමක් සිදුකර පරන්තන් රක්ෂිතයේ කනතාරයන්කූලම් ආරුව තුලට ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර බලපත්‍ර නැතිව ස්ථානයකින් වැලි ලබාගනිමින්සිටි අයකු ඒම ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පේදුරුතුඩුව පොලිස් වසමේදි වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව මෙරටට ආනයනය කරන ලැබු47%ක් අලෙවි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් මහඔය පොලිස් වසමේදි වැටලීම් හතරක් සිදුකර බලපත්‍ර නැතිව වැලි කැණීම් කර සිටි සය දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් සූරියපුර පොලිස් වසමේදි වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් තෙල්දෙණිය පොලිස් වසමේදි වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 0.330ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මාවතගම පොලිස් වසමේදි වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් මිලිග්‍රැම් 80ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන මාවතගම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ වැටලිමක් සිදුකර බලපත්‍ර නැතිව රාත්‍රීකාලයේ මීගවයින් 07ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හපුතලේ පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒ්කකයට අනුයුක්ත නිලධාරි පිරිසක් හක්මන පොලිස් වසමේදි වැටලිමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 150ක් ළඟ තබාගනිමින් යතුරුපැදියකින් ප්‍රවාහනය කරන ලැබු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හක්මන පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.