ඇමරිකානු තානපතිණි ජුලි ජේ චුන්ග් මහත්මිය (Julie J Chung) අද දින (2022 මැයි මස 27 වන දින) ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේදී නිළ වශයෙන් හමුවිය.
ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඇමරිකානු තානපතිණි ජුලි චුන්ග් මහත්මිය (Julie J Chung) හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණ රාශියක් පිළිබදව මෙහිදි සාකචිචා කරන ලදි .
ද්විපාර්ශික සාකචිචාවෙන් අනතුරුව මෙම හමුව සනිටුවන් කරමින් දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි .