ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් විශුද්ධි කරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හා ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ස්ථනාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරික්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) පිටකොටුව පොලිස් වසමේ අංක 185, වෙළද සන්කීර්ණයේ, ටෙනෙට් වෙළද සැලේ දී, අංක 177/5, හෙට්ටිවීදිය සයුර ජුවලරි වෙළද සැලේ දී , මාළිගාවත්ත, නුරානියා හන්දියේ දී සහ අංක 185/17, හෙට්ටිවිදිය, කොළඹ 11, සිනේ ජුවලරි වෙළද සැලේ වැටලීම් සිදුකර මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් වැල්ලවත්ත, කොළඹ 15, අළුත්කඩේ සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25, 31, 41, 51 ක පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ටාශය වෙත භාර දී ඇත.
එහිදි ශ්‍රි ලංකා වලංගු මුදලින් රුපියල් 18,695,000.00ක්,විදෙස් මුදල් රුපියල් 432,502 ක්,(ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16 ක්,ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06 ක්.කුවේට් ඩිනාර් 01 නොට්ටු 07 ක්,කටාර් රියාල් 100 නෝට්ටු 01ක්,සිංගප්පුරු ඩොලර් 50 නෝට්ටුවක්,ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09ක්,යුරෝ 200 නෝට්ටු 01 යි.),ජංගම දුරකථන 04ක්,ගණුදෙනු සටහන්කල ලේඛණ 02 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
