27.3 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්දුව්‍ය,රන්අභරණ ජවාරමුන් හා ඉකුත් යුද සමයේ පුපුරා නොගිය අවි තොගයක්...

නීතිවිරෝධි මත්දුව්‍ය,රන්අභරණ ජවාරමුන් හා ඉකුත් යුද සමයේ පුපුරා නොගිය අවි තොගයක් එස්.ටි.එෆ්. දැලේ

හෙරොයින්,අයිස් මත්ද්‍රව්‍ය හා රන් ආභරණ සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවත් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පො.ප. එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) දෙමටගොඩ පොලිස් වසමේ සියපත් සෙවන, ආරාම පාර, දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි 12 වන මහලේ 1C/F12/U14 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1810 ට හෙරොයින් ග්‍රෑම් 21, මි.ග්‍රෑ. 470 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26, මි.ග්‍රෑ. 910 ක් හා රන් ආභරණ සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක කාන්තාවත් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි මුදලින් රුපියල් 21,500.00 යි,විද්‍යුත් තරාදී 01 යි,රන් පැහැති බ්‍රේස්ලට් 02 යි,රන් පැහැති මාල 06 යි,රන් පැහැති තැලි 01 යි,රන් පැහැති මුදු 03 යි,රන් පැහැති කරාබු 07 යි,රන් පැහැති පෙන්ඩන්ට් 03 යි,රිදී මාල 03 යි,වළලු 25 යි,ජංගම දුරකථන 06 යි,ටැබ් 02 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය යුධ සමයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතකර පුපුරානොගිය යුධ උපකරණ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එච්.ජී.එල්.පී. ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) මරදන්කේනි පොලිස් වසමේ මණ්ඩලායි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පුපුරණ ද්‍රව්‍ය සහිත යුධ උපකරණ තොගයක් සන්තකයේ තබාගෙන සිටි ප⁣ලෛ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම යුධ උපකරණ අභ්‍යන්තරයේ ඇති පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන මසුන් මැරිමෙි කටයුතු සිදුකර බවයි.
 
එහිදි මි.මී. 120 මෝටාර් උණ්ඩ    01 යි,මි.මී. 81 මෝටාර් උණ්ඩ     01 යි,අරුල් 02 යි,යුධ ටැංකි නාශක RPG උණ්ඩයක්, පුද්ගල නාශක RPG උණ්ඩයක්,යකඩ කපන කියතක්, යකඩ කපන කියත් පටිදෙකක්,  ප්ලැට් ස්කුරුප්පු නියනක් අත්අඩංගුවට ගෙන තිබේ. .
 
 
මේ අතර විශේෂ පොලිස් කාර්ය බලකය සිය දෛනික වැටලිම්වලදි (22) විශේෂ මෙහෙයුම් 111හි නිලධාරින් පිරිසක් අයිස්මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. හොරණ කඳවුරේ නිලධාරින් පිරිසක් සැකකරුවෙකු නැතිව අතහැර දමා ගොස් තිබු යතුරු පැදියක් සමග හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ. කල්මුණේ කඳවුරේ නිලධාරී පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.එම කඳවුරේම නිලධාරි පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ති‌බේ. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments