20.7 C
Sri Lanka
Monday, May 12, 2025
HomeUncategorizedශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qi-Zhenhong) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් ( 22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු වූහ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය, අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සෑම අවස්තාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිඹඳ ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළේය.

මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව වෙත හැකි සෑම උපකාරයක්ම කරන බවට තානාපති වරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහාද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ ඒ මහතා නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම පිළිබඳ අමාත්‍යවරයා වෙත සිය සුභාෂිංසන පළ කිරීමද සිදු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments