Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා නම් කරන ලද සමාජිකයන් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයින් පත් කර ඇත.

ඒ අනුව පත් කරන ලද නව තේරීම් කමිටු සමාජිකයන්,කපිල විජේගුණවර්ධන මහතා – සභාපති,අමල් සිල්වා මහතා – සාමාජික,බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා – සාමාජික,වරුණ වරාගොඩ මහතා – සාමාජික,වැනීසා ද සිල්වා මහත්මිය – සාමාජිකා

මෙම නව පත්වීම් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි තේරීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත්ව සිදුවනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments