



මාලදිවයින් ජනරජයේ 61 වැනි නිදහස් දිනය පසුගියදා Cinnamon Life at City of Dreams හෝටලයේදී, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගි විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



