Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකා–ප්‍රංශ ව්‍යාපාරික සභාවේ සභාපති ෂමීල් මොහීදීන්...

ශ්‍රී ලංකා–ප්‍රංශ ව්‍යාපාරික සභාවේ සභාපති ෂමීල් මොහීදීන්…

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ප්‍රංශ ව්‍යාපාරික සභාවේ 22 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්වුණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Rémi Lambert) සහභාගී විය.

2026/2027 වාරය සඳහා ශ්‍රී ලංකා–ප්‍රංශ ව්‍යාපාරික සභාවේ සභාපති ලෙස ෂමීල් මොහීදීන් තේරී පත් විය.

සභාපති ධුරය භාරගනිමින් අදහස් දැක්වූ මොහීදීන් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික නායකයන් රැසක් මෙම සභාවට අයත් වන අතර, ඔවුන්ගේ දැනුම, අත්දැකීම් සහ කැපවීම හේතුවෙන් සභාව වසර ගණනාවක් පුරා ශක්තිමත්ව ඉදිරියට පැමිණ ඇති බවයි.

“අප සියලු දෙනා එක්ව රට මුහුණ දුන් අභියෝගාත්මක ආර්ථික සමයන්හිදී එකිනෙකාට සහයෝගය සහ මඟපෙන්වීම ලබා දුන්නා. නව පරපුරේ ව්‍යාපාරික නායකයන් ලෙස එම ශක්තිමත් පදනම මත ගොඩනැගී සභාවේ අනාගතය හැඩගැස්වීමේ වගකීම සහ අවස්ථාව අපට තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments