විශේෂ කාර්ය බලකාය අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ සෝදිසි රාජකාරී නියුතු උප පොලිස් පරික්ෂක එන්.ජි.එන්. දිසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර හෙරොයින් සන්තකයේ තබාගැනීමෙි වරදකට රක්ෂිත බන්ධනාගාර ගත කල කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පමණ රැඳවියෙකු ගුද මාර්ගයේ සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත් කළ අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1,930ක්,කේරළ ගංජා මිලි ග්‍රෑම් 1,830ක් අත්අඩංගුවට ගෙන තිබේ.