භූමිතෙල් ඇතුළු ඉන්ධන ගැටලුවට විසඳුමක් ලෙස මේ වන විටත් ලොව පුරා සාර්ථකව භාවිත කරන crude intermediation ක්‍රමය ඉන්ධන අර්බුදය මාස දෙකක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ විසඳිය හැකි ක්‍රමයක් බව මේ බව Singularity Sri Lanka පෙන්වාදෙයි.
මෙය එම සංවිධානයේ සාමජිකයින් (24) කොළඹ 02,නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදි කරුනු පැහැදිලි කරමින් කීහ.
දැනට රට තුළ පවතින ගෑස් සහ භූමිතෙල් හිඟය හේතුවෙන් රට පුරා ගෘහස්ථ ඉවුම්පිහුම් කටයුතු දැඩි අර්බුදකාරී තත්වයකට පත් ව තිබේ. මේ නිසාම දෛනික ජන ජීවිතය අඩාල වී ඇති අතර දින 5 ක් 6 ක් ජනතාව පෝලිම් වල ඉතාම දැඩි වේදනාවක් අපහසුතාවකට මුහුණ දෙමින් ඇත . විශේෂයෙන් ම ගෑස් හිඟවීමත් සමඟ ඉවුම්පිහුම් සඳහා භූමිතෙල් භාවිතයට හුරු වූ මහල් නිවාස ආශ්‍රිත ජනතාවට අද වන විට භූමිතෙල් ලබා ගැනීම ද විශාල අනාගත අර්බුදයක් නිර්මාණය කරගනිමින් ඇත..
මෙම ගැටළුවට Singularity Sri Lanka ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරයි. එනම් මෙවැනි ඉන්ධන සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා කලාපය සහ ඇතැම් ආසියානු කලාපයේ රටවල පවා භාවිත වන crude intermediation ක්‍රමය භාවිත කර ලංකාව තුළ ඇති වී ඇති මෙම ඉන්ධ අර්බුදය කඩිනමින් විසඳිය හැකි බව Singularity Sri Lanka යෝජනාව වේ.
Crude Intermediation ක්‍රියාවලියට අනුව බොරතෙල් හෝ අනෙකුත් ඉන්ධන වර්ගයක් යම්කිසි රටකින් හෝ අන්තර්ජාතික ආයතනයකින් මිලදී ගෙන මෙරටට ගෙන එන සමස්ත ක්‍රියාවලියේ සම්පූර්ණයෙන් ම SPV (Special Purpose Vehicle) යටතට ගෙන එය ජාත්‍යන්තරව පිළිගත් ආයෝජන බැංකුවකට හෝ commodities brokerage company බාරදෙයි. මෙම ක්‍රියාවලියේ දී අනිවාර්යයෙන්ම වෙළෙඳපොළ ලිහිල්කරණය සිදු කළ යුතුම ය. crude intermediation ක්‍රමය මගින් අද වන විට ශ්‍රී ලංකා රජය මුහුණ දී සිටින ඉන්ධන ගෙන්වීමට රාජ්‍ය භාණ්ඩාගාරය සතුව මුදල් නොමැතිකම යන ගැටළුවට විසඳුමක් ලබා දේ. එමෙන්ම ලාංකීය ජනතාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය මාස දෙකක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ විසඳිය හැකි ක්‍රමය ද මේ බව පෙන්වා දිය හැකි ය.
ශ්‍රී ලංකා රුපියල් සහ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් (USD) යන මුදල් ඒකක සමග ව්‍යාපාර කරන ආයෝජකයන්ට මෙම ක්‍රියාවලියට ආයෝජනය කළ හැකි අතර එමගින් ඔවුන්ට ද වෙළෙඳපොළ මිල යටතේ නියමාකාරයෙන් ලාභ ඉපයීමට ද අනිවාර්යෙන්ම හැකියාවක් ලැබේ. එමෙන්ම කළු කඩ මිලට සහ පෝලිම් නැතිව පාරිභෝගිකයාටත් වෙළදපොළ මිලට මිලදී ගැනීමේ හැකියාවක් පවතී..
භුමිතෙල්වලට පමණක් නොව පෙට්‍රල්, ඩීසල් ඇතුලු අනෙකුත් සියලුම ඉන්ධන සඳහා ද ලොවම පිලිගත් මේ වන විටත් සාර්ථක ක්‍රමයක් වී ඇති crude intermediation ක්‍රමය භාවිත කළ හැකි ය. අඩු ම තරමින් විශේෂයෙන් භූමිතෙල් ගැටලුව විසඳීම සඳහා හෝ මෙම ක්‍රමය භාවිතා කර අද වන විට ආහාර පිස ගැනීමට හෝ නොහැකිව පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දෙන ලෙසටත්, තවදුරටත් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ගැන පමණක් සිතා ක්‍රියා නොකර ලංකාවේ ජනතාවට අවශ්‍ය ඉන්ධන මෙරටට ගෙන්වීමට කඩිනම් පියවර ගත යුතු බවටත් Singularity Sri Lanka සංවිධානය රජයට අවධාරණයෙන් යුතු ව ප්‍රකාශ කර සිටී.