24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක්.

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක්.

ඉන්ධන සැපයිම සීමාවිම හේතුවෙන් රාජකාරි කටයුතු සඳහා නිලධාරින්ට මෙන්ම සේවාවන් ලබාගැනිමට අපේක්ෂා කරනු ලබන මහජනතාවටද සේවා ස්ථාන වෙත පැමිණිමට පවතින දුෂ්කරතාවයන් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට හා ලබාගැනීමට බාධා පැමිණෙන අවස්ථා වලදී මහජනතාව හට සහනයක් සැලසිම පිණිස මෙම (29) දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ දි දඩ මුදල් අය නොකිරිමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම බස්නාහිර පළාත් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.motortraffic,lk යන වෙබ්අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහාන සඳහා වාහාන ආදායම් බලපත්‍ර ලබාගැනිමට හැකියි.මේ බස්නාහිර පළාතේ ලේකම් ජේ.එම්. සී. ජයනින්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments