28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවක වැටුප්තල සම්බන්ධ ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරන්නේ යම්...

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවක වැටුප්තල සම්බන්ධ ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරන්නේ යම් පාර්ශවයක පටු අරමුණු ඉටුකරමින් සමාගමේ කීර්තිනාමයට හානි කරන්නයි – සභාපති මුදිත පීරිස්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් වන ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවක වැටුප්තල සම්බන්ධව මේ දිනවල මාධ්‍ය තුලින් ප්‍රකාශිත සාවද්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම සිදුකරන පැහැදිලි කිරීමයි.

2019 වර්ෂයට පෙර ලාභ උපයන ලැබු සමාගමක් ලෙස රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා රුපියල් කෝටි 500ක් ලාභාංශ සහ බදු මුදල් ලබාදුන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යාන්තර ගෑස් මිල ඉහල යෑම, වර්තමාන විනිමය අනුපාතය ඉහල යෑම, ගෑස් මිල ඉහල නොදැමීම යන කරුණු පදනම්ව මේවනවිට පාඩු ලබන ආයතනයක් බවට පත්වූයේ එහිවාසිය ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත ලබා දීමෙනි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම 200ට නොවැඩි සේවක සංඛ්‍යාවක වැටුප් සඳහා වැයකරනු ලබන්නේ වාර්ෂික මුළු පිරිවැටුමෙන් 2%කට වඩා අඩු ප්‍රමාණයක්ය. මෙහි බොහෝ සේවකයින් ලංකා ගෑස් සමාගම, ජාත්‍යාන්තර ෂෙල් ගෑස් සමාගමේ සිට මේ දක්වා වසර 20කට ආසන්න කාලයක් තම සේවාව සපයයි. එම බොහෝ වෘත්තිකයින් බලශක්ති ව්‍යාපාරය සම්බන්ධ දේශීය මෙන්ම ජාත්‍යාන්තර අත්දැකීම් සහිත සම්පත්දායකයින් බව සමාගම දන්වා සිටි. ඔවුන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් විශ්‍රාම වැටුප් හෝ අනෙකුත් බදු සහන, රාජ්‍ය සේවක දීමනාවන් නොලබන බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ වැටුප් තල 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත රාජ්‍ය සමාගම් මත සංසන්දනාත්මකව සසදා තීරණය කර ඇති බවත්, මාධ්‍ය මගින් ප්‍රකාශිත ව්‍යාජ වැටුප් තල ලිට්රෝ ගෑස් සමාගමේ සේවකයින්ගේ වැටුප්තල නොවන බවද ලිට්රෝ ගැස් ලංකා සමාගම අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

මෙම අසත්‍ය මාධ්‍ය ප්‍රකාශයන්ගේ අරමුණ වනුයේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කීර්තිනාමය යම් පාර්ශවයක පටු අවශ්‍යතාවය මත විනාශ කිරීම සහ සමාගමේ පාරිභෝගිකයින්ගේ විශ්වාසයසමාගම තුලින් නෙරපා දැමීමට බවත් මෙවැනි අසත්‍ය ප්‍රකාශ තරයේ හෙලා දකින බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments