22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsපෞරාණික භාණ්ඩ හා ඉන්ධන ජාවාරමුුුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

පෞරාණික භාණ්ඩ හා ඉන්ධන ජාවාරමුුුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව දවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) මොරගොඩ පොලිස් වසමේ මෙගොඩවැව, මොරගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල දී වැටලීමක් සිදු කර පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කිරීම සහ බලපත්‍ර‍ නොමැතිව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි මෙගොඩවැව, මොරගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිම 01 යි,බෝර 12 වර්ගයේ අවිය සදහා භාවිතා කරනු ලබන ජීව උණ්ඩ 09 යි.

බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,900 ක් හා පෙට්‍රල් ලීටර් 19 ක් සන්තකයේ තබාගෙන සිටි බෙලගන්වැව, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බන්ධනාගාර ගතව සිටින තම සැමියා ට රහස් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සගවා ගෙන පැමිනි විසි එක්හැවිරිදි තරුණ බිරිද විශේෂ කාර්ය බලකායේ කාන්තා නිලධාරීනියන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කා¬ර්ය බලකාය අගුණකොළපැලැස්ස කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.බි.එස්.එම්. මාලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් බැලිමට පැමිණෙන ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේ දී වැටලීමක් සිදුකර මිනි මැරිමේ වරදක් හේතුවෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මනුෂ්‍ය ඝාතනයට වරදකරැවකුව රදවා සිටින රැදවියා ගේ සුවදුක් සොයාබැලීමට පැමිණි එම රැදවියාගේ බිරිද වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක කාන්තාවක් විසින් රැගෙන එන ලද භාණ්ඩ පරික්ෂා කිරිමෙන් පසුව ශරිර පරීක්ෂාව සදහා යොමු කර ශරීර පරික්ෂාව සිදු කර ඇත.
ඇය සම්බන්ධයෙන් තව දුරටත් සැකසිති මෙම විසිඑක් හැවිරිදි කාන්තාවගෙ හැසිරීම නිරික්ෂණය කල විශේෂ කාර්ය බලකායෙ කාන්තා නිලධාරීණියන්ගේ විමසිලිමත් දෙනෙතට කාන්තාව හැද සිටි සනිපාරක්ශක තුවයත් රහස් ප්‍රදේශයත් අතර රතු පැහැති පොලිතින් කවරයක ඔතා ඉතා සූක්ෂමව සගවා ගෙන සිටි ඉතාම විෂ මත්ද්‍රව්‍යවක් වන අයිස් මිලි ග්‍රෑම් 2,160 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments