28.6 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsකටුබැද්ද – පිළියන්දල මාර්ගයේදී ද්විත්ව ඝාතනයක්

කටුබැද්ද – පිළියන්දල මාර්ගයේදී ද්විත්ව ඝාතනයක්

කටුබැද්ද – පිළියන්දල මාර්ගයේදී (29) දහවල් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, කටුබැද්ද මංසන්ධියේ සිට පිළියන්දල මාර්ගයේ මීටර් 300 ක් පමණ දුරින් නවතා තිබු කුඩා මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෑන් රථයට පසුපසින් පැමිණි යතුරුපැදියක් නවතා එහි රියැදුරු අසුන දෙසින් වෙඩි තැබීම කර තිබේ.

වෙඩි තැබීමෙන් වෑන් රථයේ රියැදුරු සහ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයින් දෙදෙනා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, පානදුර පිංවත්ත සහ කලුදාවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මිය ගිය පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

පොලිස් විමර්ශනවලට අනුව මියගිය නිලන්ත කුමාර සිල්වා නමැත්තා ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියමව ඇප ලබා සිටි අයෙකි.

පොලීසිය දැනට සැකකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දෙපිරිසක් අතර ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවයි.

පසුගිය මැයි 30 වැනි දා සිට මේ දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල යතුරු පැදිවලින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් කළ මෙවැනි වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනයට ලක්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments