21.9 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා. විපක්ෂ නායක සජිත් කියයි.

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා. විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ උදෙසා වූ දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මහා ජනතා අරගලය ආණ්ඩුව පන්නා දමන තුරු අවසන් නොකරන බවද පැවසීය.

පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිලිබදව  මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ අතර එහි පළමු අදියර (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ විය.

ඒ අනුව,නවලංකා නිදහස් පක්ෂය,පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය, යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයින් මේ අවස්ථාවට එක් වූහ.

ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය සේවාව වන්නේ ජනාධිපති අගමැති, මැති ඇමති පුටු ආරක්ෂා කරගැනීම පමණක් බවත් එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවන් වලින් දුක් විදිහ බවත් විපක්ෂ නායක කිය.

වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් එවිට මේ රට ගොඩනගන ආණ්ඩුවක් සමගි ජන බලවේගය විසින් පිහිටුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments