මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කළ සැකකරුවන් පස් දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ් අනුව (05) තංගල්ල පොලිස් වසමේ මොරකැටිආර ප්‍රදේශයේදි කැබ් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදනකු විසින් වෙඩි තබා අයකු ඝාතනය කර තවත් දෙදනකුට බරපතල තුවල සිදුකිරිමේ සිද්ධියට අදාලව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ් අනුව මෙම ඝාතනයට අදාලව මෙතෙක් සිදුකළ විමර්ශන වලදි අනාවරණය කර ගත් තොරතුරු මත මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු , ඝාතනයට ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් සිව්දෙනකු සහ ඒ් සඳහා උපයෝගි කරගත් මෝටර් රථ තුනක් යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනය විදේශ රටක පදිංචි අයකු මෙහෙයවා ඇති බවට දැනට තොරතුරු අනාවරණයවි ඇත.
මෙම ඝාතනයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු ඉකුත් (28) අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු වයස අවුරුදු (51) වූ වෑබඩ උතුර, කඩවත පදිංචිකරුවෙකි.
මෙම සැකකරුවන් ගමන් කරමින් සිටි යතුරුපැදිය බෙලිඅත්ත පොලිස් වසමේ දෙද්දුවාවල ප්‍රදේශයේ දමා ගොස් තිබියදි සොයා ගෙන ඇති අතර එම ස්ථනයේ සිට සැකකරුවන්ට ප්‍රදේශයෙන් පලා යෑම සඳහා මෝටර් රථයක් කුලි පදනම මත සැපයිම සිදුකර ඇත. මෙය සම්බන්ධිකරණය කළ, ඊට අනුබලදුන් තවත්දෙදනකු තංගල්ල පොලිසිය (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වයස අවුරුදු 59, 37ක් වේ. නාකුළුගමුව තහා කුඩාවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. ඉන් එක් සැකකරුවකුගේ නිවසේ තිබි ජිව අත්බෝම්බයක් අත්අඩංගුවට ගෙන ඇත. මිට අනුබල දුන් සැකකරුවන් දෙදනකු දෙමටගොඩදි හා අලුත්ගමදි අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් 32,42 වයස්වල අයවේ. මොවුන් මහඉඳුරුව හා දෙමටගොඩ පදිංචිකරුවන්වේ. මින් එක් සැකකරුවකු (29) දක්වා දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබු අතර අනෙක් සැකකරු (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
මෙම සැකකරුවන් (29) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වෙඩික්කරු ලෙස ක්‍රියාකළ සැකකරු ලබන (04)දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සිව්දෙනා (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

