27 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsකන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 258 ක් යළි අල්ලයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 258 ක් යළි අල්ලයි.

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැදවියන්ගෙන් 258 දෙනෙකු යළි අත්අඩංගුවට ගත් බව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසනවා. පලාගිය අනෙක් රැදවියන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවත් ඔවුන් පිළිබද යම් තොරතුරක් දන්නේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

එම මධ්‍යස්ථානයේ රදවා සිටි රැදිවියෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් සෙසු රැදවියන් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඒ අතරතුර රැදවියන් 500 ක පමණ පිරිසක් පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් සැක සහිතව ලෙස රැදවියෙකු මියයාමේ සිද්ධියට අදාළව පරීක්‍ෂණයක් සිදුකර වැරදිකරුවන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදෙන බවයි පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සදහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments