විශේෂ කාර්ය බලකාය විසින් සිය සමාජ වගකීම ඉටු කරමින් අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාන 09 ක දිළිඳු පවුල් 200 ක් සඳහා වියළි ආහාර ඇසුරුම් 200 ක් 2022 ජූනි මස 26 වන දින බෙදා දෙන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ වෙසෙන රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ මුල්‍ය ආධාර මෙවර මෙම වියළි සලාක ලබා දීම සිදුකරන ලද අතර විශේෂ කාර්ය බලකාය පසුගිය වසරේ සිට මේ දක්වා සිදුකරන ලද සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ 25 වැනි අවස්ථාව මෙය වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකිකයිගේ මූල්‍ය අධාර මත විශේෂ කාර්ය බලකාය හා සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර රුපියල් මිලියන 11 කට අධික වටිනාකමකින් යුත් වියළි සලාක ඇසුරුම් 3,675ක් දැනටමත් බෙදා දීම සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය වසර 38 ක ඉතිහාසය තුල හැකි සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකික දිළිඳු පවුල් වල ජීවනෝපාය සංවර්ධනය කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය ඉහල නැංවීම වැනි ප්‍රමුඛතම කාර්යන් උදෙසා විවිධ අයුරින් දායකත්වය ලබා දී ඇති අතර දේශීය, විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ හා විවිධ ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් මෙවන් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ඉදිරියටත් සිදුකිරීමට නියමිතව ඇත.

