21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්මොරටුවේ පිරවුම්හලක සිදුවු උණුසුම් තත්වය පිළිබඳ ගුවන් හමුදාවෙන් පෑහැදිලි කිරිමක්.

මොරටුවේ පිරවුම්හලක සිදුවු උණුසුම් තත්වය පිළිබඳ ගුවන් හමුදාවෙන් පෑහැදිලි කිරිමක්.

මොරටුව පරණ පාලම අසල පිහිටි නිල්මිණි එන්ට‍්‍රප‍්‍රයිසස් පිරවුම්හල තුල ඇති වු උණුසුම් තත්වය සම්බන්ධවයි

මොරටුව පරණ පාලම අසල පිහිටි නිල්මිණි එන්ට‍්‍රප‍්‍රයිසස් පිරවුම්හල වෙතින් ඉන්ධන ලබාගැනීම සදහා කූපන්පත් නිකුත්කිරීම 2022 ජුනි මස 26 දින සිට ආරම්භ කරන ලදි. මෙහිදි ඉන්ධන ලීටර් 6600ක ධාරිතාවයිකින් යුත් බවුසර් රථයේ පැමිණීම තහවුරු කරගැනීමත් සමග නියමිත පරිදි පළමුව කූපන්පත් ලබාගත් පරිභෝගිකයින් සදහා ඉන්ධන හල වෙත පැමිණෙන ලෙසට කෙටි පණිවිඩ මාර්ගයෙන් ඊයේ දින අලූයම ( 02 ) දැනුවත් කරන ලදි.

කෙසේවෙතත් එහිදි කූපන්පත් නොමැතිව එම ප‍්‍රදේශයේ ත‍්‍රිවිල් රථ රියදුරන් ඇතුලූව පුද්ගලයින් පිරිසක් ඉන්ධන ලබාගැනීම සදහා එම ස්ථානයේ පෝලිම් ගැසී රැදීසිට ඇතිි අතර එම පිරිස වෙත ඉන්ධන ලබාගැනීම සදහා කූපන්පත් අවශ්‍ය බවත් එම කූපන්පත් ඉන්ධන හල වෙතින් නිසියාකාරව ලබාගන්නා ලෙසත් ඉන්ධනහලේ ආරක්ෂක රාජකාරියේ නිරිතව සිටි ගුවන් හමුදා භටපිරිස් කිහිපවරක් ඔවුන්ව දැනුවත් කර ඇත.

පවතින ඉන්ධන හිගය හේතුවෙන් අයතා ලෙස ඉන්ධන ලබාගැනීමේ අවස්ථාවන් මගහැරවීම සදහා රජය විසින් අනුමත කර ඇති කූපන්පත් මත ඉන්ධන ලබාදීමේ ක‍්‍රමවේදය යටතේ පලමුව ලියාපදිංචි වී ඇති පරිභෝගිකයින් සදහා ඉන්ධන ලබාදීමට කටයුතු කරන අවස්ථාවේදී කූපන්පත් ලබා නොගෙන ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයන් මෙම ක‍්‍රමවේදය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීම සදහා බධාකරන ලදි. තවද ඒ අතර සිටි වහානයක හිමිකමක් පවා නොමැති බීමතින් හැසිරුනු පුද්ගලයෙකු අවට සිටින කූපන් ලබානොගත් පුද්ගලයින් ප‍්‍රකෝපයට පත්කරමින් ඔවුන් සමග ගුවන් හමුදා සාමාජිකයිගේ රාජකාරීයට බධාවන අයුරින් කලහාකාරීව හැසිරීම ආරම්භ කොට ඇත. එහිදි ගුවන් හමුදා පුද්ගලයෙකුට පහරදීමට උත්සහ කර ඇති අතර තවත් එක් පුද්ගලයෙකු පතුරම් බහලූමෙන් ඇද පරුෂ වචනයෙන් ගුවන් භටයින් හට බැනවැදී ඇත.

පසුව එම තත්වය පාලනය කිරීම සදහා ගුවන් හමුදා අතිරේක භටපිරිස් කැඳවීමට කටයුතු කල අතර එහිදි මෙම කලහාකාරි ලෙස හැසිරුණු පුද්ගලයා ගුවන් හමුදාව විසින් අවම බලය යොදා පාලනය කොට පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට ඇත. ඉන් පසු ඉන්ධන හලේ ඇති වූ උණුසුම් තත්වය පාලනය කොට නියමිත ආකාරයෙන් කූපන්පත් ලබාගත් පාරිභෝගිකයින් සදහා නැවත ඉන්ධන ලබාදීමට කටයුතු කරන ලදි.

ඒ අතර තුර කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එමගින් මෙම සිද්ධියට අදාල සත්‍ය තොරතුරු පිළිබිඹු නොවන අතර ඒ තුලින් ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුල ඇති ප‍්‍රසාදය පලූදු කිරීම අරමුණු කොට ගෙන මෙය සිදුකර ඇති බව හැගීයයි. කෙසේවෙතත් නියමිත ක‍්‍රමවේදයට අනූව ඉන්ධන ලබාගත් පාරිභෝගිකයින් සිය සතුට හා ප‍්‍රසාදය ගුවන් හමුදාවට පලකළ අතර මෙම ක‍්‍රියාවලිය නිසා නීතිවිරෝධිව හා තර්ජනාත්මකව ඉන්ධන ලබාගෙන විවිධ අයතා ව්‍යාපාර කරන අයවලූන්ගේ කටයුතු අඩපණ කිරීමට හැකිවී ඇති බව ඔවුන්ගේ අදහසයි.

ඉන්ධන නිකුත් කිරීම ඉන්ධන හල් හිමිකරුගේ සම්පූර්ණ පාලනය යටතේ පවතින කාර්යක් වන අතර ඉන්ධන හලට ආරක්ෂාව සැපයීම, ඒ අවට මහජන සාමය ස්ථාපිත කිරීම හා ඉන්ධන බෙදාහැරීම නිසියාකාරව සිදුවෙනදැයි අධීක්ෂණය කිරීම මේ අවස්ථාවේ ගුවන් හමුදාවේ ප‍්‍රමුඛ කාර්ය වේ. එබැවින් රජයේ අනුමත ක‍්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබාදීමට කිසිසේත් ගුවන් හමුදාව කටයුතු නොකරන අතර මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ආරක්ෂක අංශ සමග ගැටලූ ඇතිකර නොගෙන ඉන්ධන බෙදාහැරීම සමකාමීව සිදුකිරීමට ගුවන් හමුදාව මහජන සහයෝගය දැඩිව අපේක්ෂා කර සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments