25.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අර්බුදය හමුවේ විවිධ අසත්‍ය ප්‍රචාර සහ වැරදී මඟපෙන්වීම් වලින් ඈත්වී යථාර්තය අවබෝධකර...

අර්බුදය හමුවේ විවිධ අසත්‍ය ප්‍රචාර සහ වැරදී මඟපෙන්වීම් වලින් ඈත්වී යථාර්තය අවබෝධකර ගනිමින් පවතින තත්වයට විසඳුම් සොයා ගැනීමට කැපවෙමු. පො.ජ.‌පෙ.

පවතින අර්බුදය හමුවේ විවිධ අසත්‍ය ප්‍රචාර සහ වැරදී මඟපෙන්වීම් වලින් ඈත්වී යථාර්තය අවබෝධකර ගනිමින් පවතින තත්වයට විසඳුම් සොයා ගැනීමට කැපවෙමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා,
“මේ අවස්ථාව වන විට ශ්‍රී ලාංකීය ජාතිය ඉතාමත්ම ගැඹුරු අර්බුදයකට අපි සියලු දෙනා මුහුණ දිලා තිබෙනවා. අද වන විට සියලු ආදායම් මාර්ග බොහෝ තැන්වලදි කඩා වැටිලා තිබෙනවා. එක පුරුකේ දම්වැල් වගේ හැම ක්ෂේත්‍රයකම අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදයේ ගැඹුර කොච්චර ද කියන්න තවම මැනගන්න බැරිවී තිබෙනවා. ඒ නිසා අපි ගැඹුරු අර්බුදයක ගමන් කරන අතර එයින් ගැලවෙන මාර්ගය සොයන්න අපි විවිධ උපක්‍රම යොදලා තිබෙනවා. හැබැයි ඒවායේ තාමත් කෙළවරක් නෑ. ඒ අතර තුර මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දේශපාලකයින්ට විශේෂ වරප්‍රසාද තිබෙනවා කියලා.නමුත් මේ ශ්‍රී ලංකාවේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ට රු. 121 තෙල් ලැබුනේ නෑ. මගේ වාහනය පහුගිය දවස්වල දින 03 ක් තෙල් පෝලිමේ තිබුණා. අපිට වරප්‍රසාද තිබෙනවා කියලා හිතාගෙන ඉන්නේ. මගේ නමට එක වාහනයක්වත් නෑ. නමුත් මේ ඔක්කෝම මාධ්‍යවලින් කියන්නේ වරප්‍රසාද ලබන හොරු කියලා. හැම කෙනාටම හොරු කියනවා.

දැන් මේ රටේ මනුස්සකමට මොකක්ද වෙනනේ කියලා කතා කරන්නේ නෑ. දැවැන්ත ආර්ථික අර්බුදයක්, සමාජ අර්බුදයක් සහ මනුස්සකමේ අර්බුදයකුත් තිබෙනවා. මහා දර්ශනයක් ඇති ජැක්සන් ඇන්තනි මහතා අනතුරකට පත් වුණා. එතුමාට සමාජ මාධ්‍ය ජාලවලින් කියනවා හොරුන්ට, බුදුන්ට නැදැයා කියපු කෙනා මැරුණ එක හොඳයි කියනවා. මිනිසෙකුට සුවපත් වේවා කියන්නත් බැරි සමාජයක් ද මේ තිබෙන්නේ. ඒ වගේම පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ මැතිතුමා අසාධ්‍යයි කියලා කිරිබත් හදන්න ලැස්ති වෙන්න කියනවා. කෙනෙක් මැරෙනකන් ඉන්නවා සතුටු වෙන්න. හැබැයි මේ පිරිසට කියන්න කැමති අද ගෝල්ෆේස් එකේ බය නැතිව අරගල කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ කෙනෙක් හිටපු නිසා. මේ රට ගලවා ගත් මිනිසා. ඔහු නොහිටින්නට අද ශ්‍රී ලංකාවක් නෑ. අද රටේ හැම මාර්ග පද්ධතිය , රේල් පාරක්ම හැදුවේ රාජපක්ෂලයි. ඩොලර් හොරා කෑවා කියලා කියනවා අද රාජපක්ෂවරු. නමුත් රාජපක්ෂ ආණ්ඩු තමා මේ රටේ 50% ට විදුලිය ලබා දුන්නේ. 1975, 80 විදුලිය නෑ. මේ හැමදේම කළේ අපේ ආණ්ඩුවලින්. මේ ඩොලර් ණය වුණේ ඒ වැඩ සඳහායි. විදුලිය, තෙල් භාවිතා කරන, හැම අයම ඩොලර් ණය වල අයිතිකරුවෝය. මේ ඩොලර් ණය වුණේ රටේ ජනතාව වෙනුවෙන්. නමුත් මේ ඩොලර් හොරු කියන්නේ රාජපක්ෂවරුන්ටයි. මේ යුද්ධය කරේ නැත්නම් , ඔබට ඉන්න රටකුත් නැ. රාජපක්ෂවරු යුද්ධයට ඒ මහා දැවැන්ත ධනස්කන්දයක් වියදම් කරලා මේ රට ගොඩ ගත්තේ නැත්නම් අපට රටක් නෑ. ඒ කාලයේ දරුවන්ගේ කරේ තිබුණු සයනයිට් කරල ගලවලා පංචායුදය දැම්මේ මහින්ද රාජපක්ෂ. නමුත් අද රාජපක්ෂවරු මැරෙනකන් බලාගෙන ඉන්නේ. අපිට ජිවිතය දුන්නු, ගම් බිම් ලබා දුන්නේ ඔහු. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස නොවේ අපිට ඒවා ලබා දුන්නේ. අනෙකාට ආදරය නොකරන, අනෙකාට අනුකම්පා නොකරන මේ දුෂ්ට සාමාජය කොච්චර මුදල් තිබුනත් වැඩක් නෑ . ඒ නිසා අපි මනුෂ්‍යත්වය ආපහු ගොඩ නගමු. බොහෝ මාධ්‍ය ආයතන ඝෘණාත්මක ප්‍රවෘත්ති විකාශනය කරන්නේ.
ඒ නිසා මාධ්‍ය සැණකෙළි නවත්තන්න.අපි මනුෂ්‍යත්වයේ පෙරට ගනිමු. ආර්ථික අර්බුදය ගොඩයන ගමන් ඊට සමගාමීව මනුෂ්‍යත්වය ගොඩ ගනිමු. එය කරන්න නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමු. ඒ නිසා මේ මිත්‍යාය සහ මායාව ඒ අඳුරු තිරපට ඉරා අපි සත්‍ය යථාර්තය ග්‍රහණය කර ගනිමු. ”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය,
“අද අපේ රටේ වගේම ලෝකයේම අර්බුදයක් තිබෙන කාල වකවානුවක්. අපි මනුෂ්‍යත්වයට මුල් තැන දිලා බුද්ධිමත් ආකාරයෙන් කටයුතු කරන්න අවශ්‍ය කාල වකවානුවක්.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ 2005 , 2010 මේ රටෙ අති දැවැන්ත සංවර්ධනයක් සිදු කළා. අති දුෂ්කර දිස්ත්‍රික්කවලට සංවර්ධන අරුණැල්ල ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයයි. එවැනි දැවැන්ත සංවර්ධනයක් කරපු නායකයෝ ඉන්න රජයක් තමයි අද තියෙන්නේ. 2015 අපිට ආණ්ඩුව බලය අහිමි විමත් එක්ක රටේ තිබුණු සංවර්ධනය, ආර්ථිකය කඩා වැටුණා. 2019 අපි බලය එනවිට රටේ ආර්ථිකය කඩා වැටීම තුළ අද දවසේ මේ රටේ සියලුම ජනතාව ලොකු දුෂ්කරතාවකට මුහුණ දිලා ඉන්නවා. මේ දුෂ්කරතාවලින් ගොඩ ඒම සඳහා නිරන්තරයෙන් හැම මොහොතකම කටයුතු කරන්නේ. කිසිදු රජයක් , කිසිදු නායකයෙක් කැමති නෑ රටේ ජනතාව දුක් විඳිනවට. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ ජනතාව මේ ව්‍යසනයෙන් ගොඩ ගන්න තමයි අපි සියලුම කටයුතු සිදුකරන්නේ. අපි පසුපෙළ මන්ත්‍රිවරු විදිහට අපි හැම මොහොතකම නායකත්වයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කර දෙන්න කියලා. ඒ වෙනුවෙන් අද රජයක් විදිහට සියලු නායකයෝ එකතුවෙලා කටයුතු කරමින් සිටිනවා. නමුත් අද විපක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ මේ මොහෝතේ මේ ව්‍යසන තත්වය තුළ අද දේශපාලන වාසි ලබා ගන්න කටයුතු කරනවා. ඒ නිසා ජනතාව විදිහට ඉවසිමෙන් , බුද්ධිමත් ආකාරයෙන් කටයුතු කරන්න. අනාගත පරපුර වෙනුවෙන් රටක් විදිහට පක්ෂ පාඨ අමතක කරලා දේශපාලනයට පෙර රට කියන තැන ඉඳලා අපිත් සමඟ එකතුවෙලා ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. රාජපක්ෂ පරපුර කියන්නේ, රාජපක්ෂ රජය කියන්නේ පුරුදු වෙන්න ආණ්ඩු කරන පිරිසක් නොවේ. දැවැන්ත සංවර්ධනයක් සිදු කළේ මේ නායකයන්ය. මේ රටේ හතර කොණට නිදහසේ යන්න අවස්ථාව ලබා දුන්න නායකයෙක්. ඒ නිදහස උදාකර දුන්න රටේ තමයි පහුගිය 9 වෙනිදා මහජන නියෝජිතයින් 74 දෙනෙකු අසරණකාරි තත්වයකට පත් කළේ. අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රිතුමා ඉතා ම්ලේච්ඡ ආකාරයට මරණයට පත් කළා. මේ මිනිස්සු අද දැඩිව අසරණ වෙලා තිබෙන මොහොතක මිනිස්සු කුපිත කරපු එක අපි දැඩි ලෙසා හෙලා දකිනවා.

සියලු මාධ්‍ය ආයතනවලට මේ මොහොතේ රජය ගෙන යන යහපත් වැඩකටයුතු ක්‍රියාත්මක කරන්න සහය ලබා දීමේ වගකීම තිබෙනවා. අපි ජනතා නියෝජිතයින් විදිහට නිරන්තරයෙන්ම මොනයම් දුෂ්කරතා තිබුණත් අපි ජනතාව වෙනුවෙන් නිවැරදි තැන හිට ගනිමින්, නිවැරදි නායකත්වය තුළ නැවත මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළකට යමු. ”යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments