බලපත්‍ර නැතිව රුපියල් අට ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලිම් සිදුකර ඇත. අරන්තලාව කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.ආර්. ආනන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) කල්මුනේ පොලිස් වසමේ මානම් පාර, පන්සල අසල ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 2,160 ක් සන්තකයේ තබාගෙන සිටි යටිකන පාර, වේරදූව, මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුනේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ii නිලධාරීන්ට ලැබුණු තොරතුරකට, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ, ස්ටෙපන්ස් ඉන්ධන පිරවුම්හල අසල දී වැටලීමක් සිදු කර
තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලැබු රජයේ අවවාදය සටහන් කර නොමැති Manchester වර්ගයේ දුම්වැටි ත්‍රීරෝද රථයෙන් ප්‍රවාහනය කරමින් සිටිය දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අංක 60 A, වේවැල්දුව පාර, හුනුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි නිවස තුල විදේශීය මත්පැන් හා බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයන කරන ලද කහ තොගයක් සමග නායාපාන වත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි Manchester වර්ගයේ දුම්වැටි 40,000ක්,HIGHLAND QUEEN වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 720 ක්, බලපත්‍රයක් නැතිව මෙරටට ආනයන කළ කහ කි.ග්‍රෑ. 4,700 යි.

