21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
HomeUncategorizedරුපියල් මිලියන 63 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරෝච්චෝලේදී...

රුපියල් මිලියන 63 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරෝච්චෝලේදී නීතියේ රැහැනට.

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම (2022 ජූලි 06) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය විසින් නොරොච්චෝලේ පොලීසිය හා එක්ව නොරොච්චෝලේ කරඹ මාර්ග බාධකය අසලදී අද අළුයම (2022 ජූලි 06) සැකකටයුතු වෑන් රථයක්  පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම වෑන් රථය තුල උර දහයක (10) පාර්සල් අනූ හතක් (97) වශයෙන් අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් සමඟ  සැකකරුවෙකු (01) සහ එම වෑන් රථය අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 63 කට අධික වෙතැයි  විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, සැකකරු සහ වෑන් රථයේ සිටි වයස අවුරුදු 06 ක පමණ ගැහුණු ළමයෙකුද, මෙහිදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය හා වෑන් රථය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට  කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments