21.9 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්වර්තමානයේ පොඩි දරුවෙකුට පවා දැනෙනවා රටක් විදියට ගත කරන්නේ අතිශය දුෂ්කර අනාගතයක්...

වර්තමානයේ පොඩි දරුවෙකුට පවා දැනෙනවා රටක් විදියට ගත කරන්නේ අතිශය දුෂ්කර අනාගතයක් බව . රජරට විශ්වවිද්‍යාල කථිකාචාර්ය විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානායක

සමගි ජනබලවේගය කාර්යාලයේ පැවැති විද්වත් සභාව විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාව.

.වර්තමානයේ පොඩි දරුවෙකුට පවා දැනෙනවා රටක් විදියට ගත කරන්නේ අතිශය දුෂ්කර අනාගතයක් බව . ආර්ථික අර්බුදයක් පමණක් නොව එයින් හටගත් සමාජයීය සංස්කෘතිකමය පරිහානියක් අබියස සිටීම කණගාටුවට කකරුණක් .මේ මාතෘභූමියේ ආර්ථිකය බිමට සමතලා වෙනකන් ඒ ගැන නොදන්නා සේ මේ රටේ දේශපාලන අධිකාරිය ජනතාවට සත්‍ය වසන් කළා .කිසිදු රටකට දෙවැනි නොවෙච්ච මානව සම්පතක්,සංස්කෘතියක් ලස්සන පරිසරයක් අපිට තියෙනවා. පටු දේශපාලන අරමුණු චෞර දේශපාලන අරමුණු නිසා මේ සියල්ල හැරදා තරුණ පරම්පරාව රටෙන් යන එක පමණක් නොවෙයි මේ රටේ සියලුම ක්ෂේත්‍රයන් බිඳ වැටීමට ලක් වෙමින් පවතිනවා. අද රටේ ජනතාව මේ සියල්ලම තේරුම් අරගෙන එකට එකතු වෙමින් සහෝදර කැලක් සේ අරගල කරමින් ඉදිරිය ගැන හිතන්න පුරුදුවීම එක්තරා වාසනාවක්.

විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන වැනි පැතිකඩ ගත්තම එහි බිඳවැටීම් වර්තමාන⁣යට විතරක් නෙමෙයි බලපාන්නේ ඉදිරි දශක දෙක තුනකට බලපානවා.සෞඛ්‍ය සේවකයෙක් විදියට මම කියන්නම් හදිසියකට වත් අත්‍යවශ්‍ය කාණාවකට පැමිණෙන්නට නොහැකි තත්ත්වයට අපි පත්වෙලා . හදිසි ඖෂධ හදිසි නොවන ඖෂධ වල අඩුපාඩු තිබෙනවා ශල්‍යකර්ම ගත්තත් එහි දැනට හදිසි ශල්‍යකර්ම ,පිළිකා ශල්‍යකර්ම පමණක් කරන්න සිදුවෙලා එය හදිස්සි ලෙඩ ගැන හිතලා. ඒ වගේම පර්යේෂණ නව නිපැයුම් වැනි දේවල් නිපැයුම් කරන්න අද මුදල් ,කාලය ,මානසික වපසරිය බුද්ධිමතුන්ට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් නැතිවෙලා තියෙනවා. රටේ පැය 24ක් පුරාවට මහන්සිවෙලා වැඩ කරන ජනතාව පෝලිම්වල ඉන්න සිදුවෙලා රටේ විශ්ව විද්‍යාල වල මහාචාර්යවරු ඉතාමත් මහන්සියෙන් පරීක්ෂණ කටයුතු කරනවා .සූර්යකෝෂ ලෝකයේ පළවෙනියටම හැදුවේ ජර්මනියේ එය 50%ක් පාවිච්චි කරනකොට අපේ රටේ හැමදාම හිරු පායන රටක් වෙලත් දැනට පොසිල ඉන්ධන දහනය කරමින් රටේ ඩොලර් නැති කරමින් රටවල් වලට ණය වෙමින් අදුරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ජර්මනිය පළවෙනි සූර්ය කෝෂය හදනකොට ශ්‍රී ලංකාව තමයි දෙවැනි⁣යට වැඩිම සූර්ය කෝෂ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා තියන රට. එහෙම රටක අපි ඉතාමත් පටු දේශපාලන ආර්ථික ප්‍රතිපත්තීන් මත යමින් රටේ සල්ලි වියදම් කරමින් අගාධයකට ගමන් කරනවා
ත. ඉදිරි සති දෙක තුළ පමණක් නොහිතන පැහැදිලි අවංක ජනතාවට අවංක වූ විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපත්තියක් ආණ්ඩුක්‍රමයක් එකමුතුවක් ඉදිරියේදී ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .

නීතීඥ ජයන්ත බණ්ඩාර.

ගෝඨාභය ජනාධිපති මිනිස්සු කියන විදිහට ඇමරිකාවේ ෂෙඩ් එකක වැඩ කර කර ඉන්න ගමන් 2019 දී පාලනය ගැන කිසිම පළපුරුද්දක් අත්දැකීමක් නැති පුද්ගලයෙකු විදියට ලෝක ප්‍රසිද්ධ මහා පළපුරුද්දක් තියෙන ගුවන් නියමුවාගේ සුදුසුකම් පෙන්නලා ලංකාවේ සර්වාගම් කණ්ඩායම් මාධ්‍ය ආයතන සිවිල් ක්‍රියාකාරීන් පක්ෂ ක්‍රියාකාරීන් පක්ෂ නායකයින් එකතුවෙලා මැතිවරණයට දාලා ජනාධිපති පුටුවේ වාඩි කරනු ලැබුවා. එසේ වාඩි කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ යම් මට්ටමක තිබුණු මගේ රට ඉතාමත් වේගයෙන් විනාශ මුඛයට ඇදගෙන ගියා. හෙට අනිද්දා වෙනකොට මේ රටත් ගෝටාබයත් ඔක්කොම විනාශ මුඛයට යන ඒක නතර කරන්න බැහැ .ඒ තත්ත්වයට අද පත්වෙනකොට මුළු රටම හඬගා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ඔබ ඉවත් වෙන්න ඔබට බෑ රට පාලනය කරන්න කියලා .එහෙම තත්ත්වයකදී ගෝඨාභය කළේ සහයක ගුවන් නියමුවෙක් අගමැතිතුමා විදියට වාඩි කර ගැනීමයි ඊයේ හොඳින් පෙනුණා එම අගමැති ජනාධිපති බොහොම සිනහව ලීලාවෙන් පාර්ලිමේන්තුවේ හැසිරුණ ආකාරය ජනාධිපති විදිහට පත් කරන්න උරදුන් කට්ටිය දුක් වෙනවා ඔවුන් එක හඬින් කියනවා ගෝඨාභය ගෙදර යන්න කියලා ඒ කරපු වැරැද්දට. ලංකාවේ බිහිවෙච්ච සෑම නායකයෙක්ම පළමු වසර දෙක ඉතාමත් ජනප්‍රිය භාවයෙන් ඉහලට යනවා හැබැයි ගෝඨාභය රාජපක්ෂට වුණේ නිල් වතුර භාජනයට වැටිච්ච නරියට වුණ දේ.

දැන් මොනවද ගෝඨාභයට ඉතුරු වෙලා තියෙන්නෙ කල්පනා කරන්න තියෙනවා කරුණු දෙකක් අපිට ප්‍රශ්නයක් තියෙනවා ගෝඨාභයගේ පංච ඉන්ද්‍රියන් හොඳට වැඩ කරනවද කියලා ඒවා වැඩ කරානම් මේ විදියට හැසිරෙන්න බැහැ ලංකාවේ බිහිවෙච්ච බල පෙරේතම කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ඔහු අද මිනිස් ජීවිත බිල්ලට ගන්නවා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මතක් කරනවා කරුණාකරලා මෙය පාලනය ඉවත් විය යුතුයි .ඒ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි ඒ වෙනුවෙන් තමයි පුරවැසි අරගලය ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන් තමයි අරගලය දියත් වෙන්නේ.

ඔබ මේ රට ගැන හිතන්නේ නැහැ එවැනි සංවේදී මිනිහෙක් නෙවෙයි ලංකාවේ බිහිවෙච්ච අසංවේදී අමානුෂික මිනිහෙක් තමන්ගේ ගැහැණු, දරුවන් ඉන්න තැනක පාරේ බැහැලා යන්න පුළුවන් ද ,රාජපක්ෂලා ජාතක කරපු අම්මගේ තාත්තගේ සොහොන් කැඩුවා මිනිස්සු මිනිහෙකුට ජීවිතේ විඳින්න මේ තරම් අවනම්බුවක් මිනිහෙකුට තියෙනවද මේ තරම් අවනම්බුවක් අගෞරවයක් ඒ දෙකම ඔබ ඔබේ පවුලට උදා කරා ඒ නිසා මතක් කරනවා කරුණා කරල ඔබ යන්න සූදානම් වෙන්න මොකද මේ රට ම සූදානම් වෙනවා ඒ ඔබ මේ තනතුරෙන් ඉවත් කරන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments