කුමන රක්ෂිතයට ඇතුළුවී මුවන් හා ගෝනුන් ඝාතනය කොට මස් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.අයි.සී. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) පොතුවිල් පොලිස් වසමේ පසරච්චේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කුමන රක්ෂිතයට ඇතුළුවී නීති විරෝධීව මුවන් හා ගොනුන් ඝාතනය කර එම මුව මස් මස් කිලෝ ග්‍රෑම් 3.8 ක් හා ගෝන මස් කිලෝ ග්‍රෑම් 01 ක් සන්තකයේ තබාගෙන සිටි පසරච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.මෙලෙස කුමන රක්ෂිතය ඇතුළු වනෝද්‍යාන තුළ දඩයක්කරුවන් විසින් ජෛව විවිධත්වය ට විශාල ලෙස බලපෑමක් සිදු කරමින් ස්වභාව සෞන්දර්යෙන් නිර්මාණයන් සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගන්නා මෙම වන සතුන් ඝාතනය කරමින් සිටින දඩයක්කාරයන් පිටුපස පොලිස් විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම ලුහුබදී.
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක පී.කේ.සී. ප්‍රදීප් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) කඩවත පොලිස් වසමේ අංක 19/9, නුවර පාර, ඇල්දෙණිය ලිපිනයේ පිහිටි ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හෙරොයින් මිලි ග්‍රෑම් 1,400 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි නිට්ටඹුව ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
