22.4 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්කොවිඩ් වැළඳුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98ක් මියයයි

කොවිඩ් වැළඳුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98ක් මියයයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු මියගොස් ඇති අතර කුවෙට්හි දී 21 දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකුද , බ්‍රිතාන්‍යයේ දී 5 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

අමෙරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

ඊට අමතරව ඊශ්‍රායලයේදී ද එක් ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments