22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්අග්‍රාමාත්‍යතුමා පොතුවිල් මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍යතුමා පොතුවිල් මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක

අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඊෙය් (11) දින එක්විය.

විහාරස්ථානයට පැමිණි ගරු අග්‍රාමාත්‍යතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයේ  ආශිර්වාද ලබා ගත්තේය.

ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, වරකාපොළ ඉන්දසිරි නාහිමි, අක්කරේපත්තුව ශ්‍රී විජයරාමාධිපති දේවගොඩ සෝරත හිමි, බෞද්ධයා නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ වඳාළහ.

ගරුතර මහා සංඝරත්නය  සෙත් පිරිත් සඡ්ඡායනා කර අග්‍රමාත්‍යතුමාට ආශිර්වාද පැමිණවීය.

මුහුදු මහා විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධ පැවති සාකඡ්ඡාවට එක් වූ අග්‍රමාත්‍යතුමා විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විහාරස්ථානයට අයත් භූමිය අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම පිළිබඳව පසුගිය ආණ්ඩු සමයේ විශාල ආන්දෝලනයක් පැවතිණි.

එම ගැටළු නිරාකරණය කරමින්, මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර එය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ බලපත්‍රය ලබාදීමට ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  තමන්ට උපදෙස් ලබා දුන් බව මෙම අවස්ථාවට එක් වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියා සිටි‍යේය.

එමෙන්ම මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම යටතේ නාවික හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කටයුතු කර තිබේ.

ඵෙතිහාසික මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමිය ආරක්ෂා කර දෙන ලෙසත්,   නැගෙනහිර පළාතේ හඳුනා නොගත් පුරා විද්‍යා ප්‍රදේශ ආරක්ෂා කර දෙන ලෙසත්, මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළ‍ාතේ ප්‍රධාන සංඝනායක, වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2003 වර්ෂයේ මුල්ගල තැබූ ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට දැන්වූහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්,  අම්පාර දිස්ත්‍රික් ලේකම් එන්.එල්.ඩබ්ලිව් බණ්ඩාරනායක මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සංචාරක පුරවරයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ වෙරළ ඛාදනය වන ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments