22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අරගලයේ සැබෑ ජයග්‍රහණය ලබාදෙන්න නම් එහි ප්‍රකාශනය සමග කටයුතු කළ යුතුයි- පෙරටුගාමි...

අරගලයේ සැබෑ ජයග්‍රහණය ලබාදෙන්න නම් එහි ප්‍රකාශනය සමග කටයුතු කළ යුතුයි- පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා

පවතින ව්‍යවස්ථව පිටතින් ලබාගත් මේ අරගලයේ සැබෑ ජයග්‍රහණයක් ඇති කර ගන්න නම් නව ජනතාවාදි ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු අතර එමෙන්ම ජනතාවට සහන දීමට හදිසි ආර්ථික ප්‍රතිසංස්කරණ ලබාදිය යුතු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කරයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ඊයේ (10) එම පක්ෂ කාර්යාලයේ පැවැති ජන අරගලය ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරියේදී අරගලය ගමන් කළ යුතු මග සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ රටේ ජනතාව ඊනියා නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑ හතරක කාලය තුල ජනතා බලය හා ජනතා පරමාධිපත්‍ය සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් ඒ් කියන්නේ මේ තිබෙන ව්‍යවස්වාවට පිටින් ගිහිල්ලා ජනතාව ඉතා සාමකාමිව ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කරපු අවස්ථාවක්.

වසර 2019 නොවැම්බර් මාසයේ ලක්ෂ හැටනවයක් ඡන්ද ලබාගෙන විවිධ කුමන්ත්‍රණ හරහා ඡන්ද අරගෙන බලයට පත්වු විධායක ජනාධිපතිවරයෙක් 2/3ක පාර්ලිමේන්තු බලයක් තිබුණු විසිවෙනි සංශෝධනය හරහා සුවිශේෂි දේශපාලන බලයක් අත්පත් කරගෙන ඒ්කාධිපතිත්වයක් මගින් බරපතල සමාජ ආර්ථික දේශපාලන අර්බුදයකට ගෙන ගිය ජනාධිපතිවරයෙක් බලයෙන් ඉවත් කිරීම සඳහා ජනතාව තමන්ගේ බලය පාර්ලිමේන්තුවෙන් පිටතින් භාවිත කළ අවස්ථාවක්. ඒ් නිසා මේක ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක්. වගේම ලෝක ඉතිහාසයේත් මේක සුවිශේෂි සන්ධිස්ථානයක්. විශේෂයෙන් මේ තිබෙන ක්‍රමවේදයන් එනම් ඉකුත් සමයේ සාකච්ඡාවුණා සිස්ටම් චේන්ජ් එක ගැන. මේ ති‌බෙන ක්‍රමවේදයට පිටින් ජනතාව අරගලය තුල සංවිධානය වෙලා ඉවසීමෙන් කාලයක් තිස්සේ සංවිධානය වෙලා ලබාගත් ජයග්‍රහණයක් ලෙස තමයි මේක දකින්නේ. මීට විවිධ පාර්ශව විවිධ මට්ටමෙන් සහභාගිවුණා. ගොවි, ධීවර , විවිධ ජතික ජනකොටස්, ස්වයංරැකියා කරන තරුණයින්, වෙනත් ව්‍යාපාර කරන පුද්ගලයන්, විවිධ වෘත්තිකයින්, නීතිඥ සංගමය, වෛද්‍යවරුන්, ශිෂ්‍ය ව්‍යාපාරය සුවිශේෂි කාර්ය භාර්යක් ඉටුකළා. නාගරික තුරණයින් බරපතල මර්දනය හමුවේ වුවද වෙඩිතැබීම්, කඳුළු ගෑස් , ජල ප්‍රහාරවලට මුහුණ දෙමින් සාමාකාමිව අරගලය සිදුකළේ කියලා. මේක ඉතාම ප්‍රචණ්ඩත්වයට ගෙන යෑමට මුල සිටම සැලසුම් කරලයි තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ හා තමන්ගේ බල කඳවුර ආරක්ෂා කරගැනීමේ කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කිරීමේ වැඩපිළිවෙලක් ඊයෙත් තිබුණා. මේ සියලුම කුමන්ත්‍රණ උපායශීලිව, උපක්‍රමිකව පරදවමින් මෙම මර්දනය ගණන් නොගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් සටන් කළ අවස්ථාවක්. ඒ් නිසා පක්ෂ පාට කිසිම බේදයකින් තොරව සියලු ජනතාවට මේක අයිතියි. ගෝල්ෆේස් අරගලයේ සිට මේ දක්වා කටයුතු කළා මේක සැබෑ ජනතා ජයග්‍රහණයක්. ඒ් නිසා මේ අරගලය පිළිබඳ ජනතාවගේ විශ්වාසයක් ඇති වුණා. පාර්ලිමේන්තුවෙන් පිට බලයක් කොහොමද ඇති කරන්නේ කියන එක අපි ජනතාවට කිව්වා ඒ් පිළිබඳ සුවිශේෂි සටහනක් ඊයේ ඇතිවුණා.

අපි දැක්කා මැයි (09) ය් කුමන්ත්‍රණයක් ඇතිවෙලා මේ අරගලයට යම් බාධාවක් ඇතිවු අවස්ථාවේදී තිබෙන ව්‍යවස්ථාරාමුවෙන් පිට මොකක්වත් කරන්න බැහැ . ගෝඨාභය ඉවත් කරන්න වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් සංයුතිය වෙනස් කිරීමකින් බව ඇතැම් දේශපාලන පක්ෂ පැවසුවා. එහෙත් අපි පැවසුවේ අරගලය මගින්ම ගෝඨාභය ඇතුළු රෙජිමය පරාජය කළ යුත්තේ යැයිද ඒ් හැකියාව ජනතාවට තිබෙනවා. ඒ් අත්දැකීම තමයි ජනතාව රටටත් ලෝකයටත් ඉගැන්නුවේ. මේ තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවලා දුර්දාන්ත පාලකයින් එළවන්නේ කොහොමද , ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ කොහොමද ජනතාව පෙන්වා දෙමින් ආරම්භක පියවර තැබුවා. මේ තීබෙන නීතිය දේව වාක්‍යක් ලෙස සළකලා. එයින් පිට මොකුත් කරන්න බැහැ කියන මතය අදවනවිට බිඳ වැටිලා තිබෙනවා. ජනතාව ඇතිවෙලා තිබෙන සම්මුතිය තමයි අලුත් නීතිය වන්නේ. ඒ් තමයි අපි පැවසුවේ නව ව්‍යවස්ථාවක් එන්න ඔ්නේ. ජනතාවාදි ව්‍යවස්ථාවක් අවශ්‍යයි. තිබෙන ව්‍යවස්ථාව ප්‍රමාණවත් නැහැ ඒ් තුලින් ජනතා අභිලාෂයන් ඉටුවෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුල මැතිවරණ ක්‍රමය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය තුලි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ් නිසා මුළුමනින්ම රැඩිකල් ප්‍රතිසංස්කරන සහිත ජනතාවාදි ව්‍යවස්ථාවක් ගෙන ආයුතු තත්ත්වයක් පැමිණ ති‌බෙනවා ඊට අදාල බලය සම්මුතිය ජනතාව තුල ඇතිවෙලා තිබෙනවා. ඒ්ක විසින් මෙතෙක් කරන්න බැහැ කියපු බරපතල කාර්යභාර්යන් අවසන් කරලා තිබෙනවා. ඒ් නිසා නව ජනතාවාදි ව්‍යවස්ථාවක් ගෙන එන්නට පසුබිම සකස් කර තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන මැතිවරණවලදි විවිධ මුදල්, මැර , මාධ්‍ය බලය නීතිවිරෝධිව යොදාගන්නා ඉඩ ප්‍රස්ථා අහෝසි කෙරෙන නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්න හැකි තත්ත්වයක් නිර්මාණය වෙන. සියලු ජනවර්ග ඒ්කාබද්ධ කෙරෙන ඒ් ජාතික ප්‍රශ්නය මුළුමනින්ම අවසන් කළ යුතු ජාතිවාදය අවසන් කරන ජාතික පීඩනය අවසන් කරන ඒ් ජාතීන් අතර සමගිය , සහෝදරත්වය හා සමානත්වය වර්ධනය කරන නීතිරීති ඇතුළත් නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවහන පහසුකම් මූලික අයීතිවාසිකම් ලෙස සැළකෙන , පත්වුණු නියෝජිතයින් තම යුතුකම් ඉටුනොකර අවස්ථාවලදි යළි කැඳවීමේ බලය තිබෙන ජනතාවට ජනතා විචාරණයක් කැඳවීමට අවශ්‍ය වේලාවකදි අයිතිය ලැබෙන වගන්ති ඇතුළත් නව ව්‍යවස්ථාවකට යායුතුව තිබෙනවා. මේ අය වෙනත් කුමන්ත්‍රණයක් අටවයිද දන්නේ නැහැ ඒ්අයගේ පැටිකිරිය දෙස බලද්දි ඒ් කරුණ පසෙක තිබෙද්දි.

ගෝඨාභය ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් අය දින තිහයක් යනකල් පත්විය යුතු නේද එවිට පරණ කතාවම ඇතිවෙනවා නේද කියලා සාකච්ඡා පැවැත්වෙනවා. පෝලිම්වල දුක්විඳමින් මිය ඇදෙමින් සිටි ජනතාව අරගලය අත්හරින්නේ නැතිව අඛණ්ඩව දැන් ජයග්‍රහණයකට ගෙනත් තිබෙනවා. අරගලයට වෙනත් දේශපාලන වටිනාකමක් අලුත් දේශපාලන බලයක් ලැබි තිබෙනවා. මේ අරගලයට අලුත් සුජාතබවක් ලැබි තිබෙනවා. දැන් මේ මෙරට දේශපාලනය දිවෙන්නේ අරගලය ලබාගෙන තිබෙන දේශපාලන සුජාත භාවය තුලදීයි. ඒ දේශපාලන බලය ප්‍රතික්ෂේප කරමින් යළි කාටත් මේ රටේ දේශපාලනය කරන්න බැහැ. ‍

අරගලයේ වාසිය පාර්ලිමේන්තු සිටින දේශපාලන දේශපාලන පක්ෂ කිහිපයකට ලබාදෙන්න බැහැ. ජනතාවට හදිසි ආර්ථික සහන අවශ්‍යයි. ජනතාව බලපතල දැවෙන ප්‍රශ්න රැසක සිටිනවා. අවිධිමත් ක්ෂේත්‍රයේ රටේ 50%කට වැඩිය සිටිනවා. ජනතාවගේ ආදායම් අඩුවෙලා. ධන කුවේරයෝ හංඟපු සල්ලි ගෙ ආයුතුයි. බදු ගෙවපු වංචා කාරයින්ගේ බදු අයකරගත යුතුයි. ඒ්වා ජනතාවට සහන දෙන්න කටයුතු කරන්න. සාමාන්‍ය ජනතාව වෙත පටවා තිබෙන 85%ක විතර බදු ක්‍රමය වෙනස් කරන්න. අනුක්‍රමික බදුක්‍රමයක් හඳුන්වා දෙන්න. සුපිරි ධනවතුන්ගෙන් බදු අය කරගන්නා ක්‍රමවේදයක් සකස් කරන්න. මේ සියල්ල හදිසි කෙටිකාලයකින් කළයුතු දේවල්. රට අස්ථාවරවීමක් නැහැ,ජනතාව අතේ ගල් කැටයක් නැතිව මේ අරගලය ජයග්‍රහණය කළා. කොහොමද පසුබසිමින් යළ ජයග්‍රහණය කළ හැටි පෙන්වාදුන්නා. ඒ් සකස් කරගත් බලය කුමන ආණ්ඩුව ආවත් ඒ් බලය පිටතින් කොහොමද රැකගෙන ස්ථාවර කරගෙන කොහොමද යන්නේ කියන එක තමයි අපි කටයුතු කරන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments